ආර්ථිකඋණුසුම් පුවත්

බටපොළ ඇන්ටනා

1971 මහ කැරැල්ල ට අත්අඩංගුවට පත් පත්මානන්ද මලවිගේ මහතා කියන කතාව අහමු

 

රූපවාහිනී පෙට්ටිය අසූව දසකයේ ලංකාවට හඳුන්වාදීමත්නා එක්ක ඒවා මිලදී ගැනීමට හැම දෙනාට ම නොහැකි විය. නගරයේ මෙන්න ම ගංගොඩේ යමක් කමක් ඇත්තෝ කළුසුදු රූූූූූූූූ මිලදී ගෙන නිවසට ගෙනාවේ ඇත්තට ම මහානර්ඝ වස්තුවක්වා ඔසවා ගෙන ඒන පරිද්දෙනි. එය ජනතාව හැඳිනවූයේ රූූ පෙට්ටිය යනුවෙනි.

රූපවාහිනිය අද නරඹන්නට විවිධ මාදිලියේ පහසුකම්හි ඇතත්හ එදා එවන්ව තත්ත්වයක් නොතිබිණි. 

අද ද බොහෝ නිවෙස් හි රූපවාහිනී නරඹන්නේ ඇන්ටෙනා භාවිතා කරමිනි. ඇන්ටනා ගැන කතා කරන විට   අපට නිතැතින්ම බටපොළ  ඇන්ටෙනා සිහියට  නැඟේ. ඒ දැනට දශක හතරකට පමණ  ඉහතදී බටපොළ ප්‍රදේශයේ  චිත්‍ර කලා ගුරුවරයෙකු ප්‍රථම  වරට ඇලුමිනියම් බට යොදාගෙන රූපවාහිනී ඇන්ටෙනාවක් නිපදවීම  නිසා ය. 

ඔහු ගැන තොරතුරු හාරා අවුස්සා බලන කල බොහෝ දෙනාට ඉගෙන ගැනීමට පාඩම් ඔහු ඇසුරෙන් ලැබිය හැක. ‌

 එම  කටයුත්තේ පුරෝගාමියා වූ බටපොළ පත්මානන්ද මලවිගේ මහතා  හමු වීමට ඒ මහතා  පදිංචි  බටපොළ  'ඇන්ටෙනා මහ ගෙදරට'  ගියෙමි. එහිදී  පත්මානන්ද මලවිගේ මහතා තමාගේ  කතාව  මෙසේ  අප හා කීය.

ඒ කාලෙ  මට හොඳට  අකුරු  අඳින්නත් චිත්‍ර  අඳින්නත් පුළුවන්. ඒ නිසා 1971 කැරැල්ල අවධියේ එම බෝඩ් ආදිය මවිසින් අඳින ලදැයි සැක කිරීම නිසා මට අවුරුද්දක් විතර මැගසින් බන්ධනාගාරයේ  ඉන්නට  සිදු උනා .මා එහිදී  විවිධ කර්මාන්ත  ඉගෙන  ගත්තා .ඇන්ටෙනා  නිශ්පාදනය ත් එහි ප්‍රතිඵලයක් .රිමාන්ඩ්  එකේ ඉන්න  කාලෙ අපිට  බෙලෙක් තැටියට ලැබෙන  බත් ප්‍රමාණය  මදියි.මම වැඩිපුර බත් ටිකක් ගන්න  ක්‍රමයක් කල්පනා  කරා.වැඩියෙන්  ඉල්ලුවට බත්  දෙන්නෙ නැහැනෙ .මම  තැටිය  තලලා පාත්තරය ක් වගේ හැදුවා .ඒකට  වඩා වැඩි බත් ප්‍රමාණයක් අල්ලනවා.ඒ ප්‍රමාණය  මගේ බඩ පිරෙන්න  ඇති  උනා .මගේ මුල්ම නිර්මාණය  ඒකයි .බන්ධනාගාරයෙන් නිදහස් වෙලා  ආවට  පස්සේ  හේවුඩ් ආයතනය ට බැඳී චිත්‍ර කලා පාඨමාලාවක් හැදෑරුවා.1976 සිට  චිත්‍ර කලා  ගුරුවරයෙකු ලෙස සේවය  කලා.ඒ කාලෙ රූපවාහිනී තිබුනෙ  නැහැ .රේඩියෝ  විතරයි  තිබුනෙ .රේඩියෝ වලටත්  ඒ කාලෙ ඇන්ටෙනා  සවි කල යුතු  උනා.මගේ අයියාත්  කාර්මික  වැඩ වලට  දක්ෂයි .ඇන්ටෙනා  සවි කරගන්න  බොහෝ දෙනා  අපිව හොයා ගෙන එනවා.ඒ නිසා  ඇන්ටෙනා  පිළිබඳව  යම් අවබෝධයක්  තිබුණා .රූපවාහිනී ආවට පස්සේ  එම දර්ශන  නරඹන්න ඇන්ටෙනා සවි කිරීම  අත්‍යවශ්‍ය  වුණා .මුල්  අවධියේ  එක ටී.වී. එකකට ඇන්ටෙනා දෙකක්  සවි කළ  යුතු  වුණා.එයින් එකක්  අඩි හතක් අටක් දිගයි.අපි ඒ ඇන්ටෙනා  සවි කරන්න  ගියාම විවිධ  දුෂ්කරතා වලට  පත් උනා.

         ඒ දවස්වල  මම ගාල්ලෙ  අම්පේගම  මහා විද්‍යාලයේ  ඉගැන්නුවෙ.එම පාසලේ විද්‍යා ගුරුවරයෙකු  වූ නිහාල් ගුරුසිංහ මහතාගෙනුත් මට උදව්  ලැබුණා .මන්  විද්‍යා දැනුම  ලබා ගත්තේ  ඒ මහතා ගෙන්.මම  ඉතාමත් ම සරල විදියට හදපු කූරු දෙකේ ඇන්ටෙනව  මඟින්  බටපොල  ප්‍රදේශය ට පැහැදිලිව  ටී.වී  දර්ශන  පෙනුණා.අනෙක්  ප්‍රදේශ  වලට  මේ ඇන්ටෙනාව පෙනෙනවා ද කියලා  චෙක්  කර ගන්න  විදියක්  තිබුණෙ  නැහැ .මට  රට  වටේ යන්න  ආර්ථික  ශක්තිය ක් තිබුනෙත් නැහැ .ඉතින්  ඒ කාරිය  කර ගන්න  මම පාසල්  ළමයි  සමඟ  අධ්‍යාපන  චාරිකා  යොදා  ගත්තා .අධ්‍යාපන  කාර්‍යාලයෙන්  විශේෂ  අවසරයක්  ගත්තා .බස් එකේ  ටී.වී .එකක්  සහ  ඇන්ටෙනාවක් සවි කර ගෙන යන්න .ඒ විදියට  දින  තුනේ අධ්‍යාපන  චාරිකා  තුනක් විතර  ගියා .ඒ යන  අතර තුර  මඟ තොටේ දී  ඇන්ටෙනාව චෙක්  කරලා  අඩු පාඩු  හදා ගත්තා .ඒ  අධ්‍යාපන චාරිකා  මඟින්  යාපනයේ  ඇරෙන්න  රට  වටේම ගියා .මුළු  රටටම පෙනෙන   විදියට  මේ ඇන්ටෙනාව  හදන්න  මම මහන්සි  උනේ එහෙමයි.නමුත්  මේ වන විට  බොහෝ  දෙනෙක්  මගේ සර්කිට් එක කොපි කරලා  විවිධ  නම්  වලින්  ඇන්ටෙනා  හදනවා.මාහට  මුලින්ම  මාගේ  නිනිශ්පාදන යට පේටන්ට්  බලපත්‍රය ක ලබා  ගැනීමට  උනන්දු  නොවීම  නිසයි මේ තත්ත්වය  ඇති  උනේ.මුල්  අවධියේ ගෙදර  අයගෙන්  වත් ඇන්ටෙනාව හදන්න  උදව්  ලැබුනෙ නැහැ .ඇන්ටෙනාව  චෙක්  කරන්න  මට  ගෙදර  ඉඩමේ  තේක්ක ගහේ  ඇන්ටෙනාව  සවි කරලා ආපහු  බැහැල  ඇවිත්  රූපවාහිනී ය බලල  තමයි  ඇන්ටෙනාව  චෙක් කරන්නේ .තාත්තා ගෙ පිස්සු  වැඩ කියලා  ඒ වෙලාවෙ ලමයෙක්  වත් අඩු ගානේ  උදව්  කරේ නැහැ .රූපවාහීනිය බලල  මම ආපහු  තේක්ක ගහට නඟිනවා.එහෙම  අත් හදා  බැලීම් කරමින්  තමයි  මම මේ සර්කිට් එක  හැදුවේ .

  මගේ ඇන්ටෙනාව ක්‍රමයෙන්  ජනප්‍රිය  වෙන්න  ගත්තම මේ ඇන්ටෙනාව  හොරු ගලවන්න  පටන් ගත්තා .ඒ තරම්  උසකින් මගේ ඇන්ටෙනාව  සවි කරන්න  අවශ්‍ය  උනේ නෑ.ඒ නිසා  හොරුන්ට  ගලවන්න  ලේසි උනා.මෙහෙම  යනකොට  එක් නිවෙස්  හිමියෙක් හොරා අල්ලා ගෙන උසාවියෙ  නඩුවක්  පැවරුවා.මටත්  උසාවි යන්න  සිදු උනා.ඒ කෙන් මට  විශාල  ප්‍රචාරය ක් ලැබුණා .මගේ  ඇන්ටෙනා  උසාවියෙ   සියලු  දෙනාම  මිලට  ගත්තා .නඩුකාර තුමාත් ඇන්ටෙනාව ක ගත්තා .

       දැනට  මම  විශාමිකයෙක්.මට  දුවල දෙන්නෙක්  සහ පුතෙක්  ඉන්නවා  බටපොල  කළ්‍යාණතිස්ස විද්‍යාලයේ  තුන වසරේ ඉගෙන ගන්න  මගේ මුණුබුරාටත් දැන්  තනියම  ඇන්ටෙනා  හදන්න  පුළුවන් .බටපොල  ප්ලෙක්සි ඇන්ටෙනා  කියන නාමයෙන්  තමයි  මගේ ඇන්ටෙනාව  ලියාපදිංචි  කරල තියෙන්නේ .

     මගේ සර්කිට් එක  කොපි කරපු කෙනෙකුත්  මට විරුද්ධව  නඩු දාලා  තිබුණා .නමුත්  එවැනි  දේ වලින්  මට  බලපෑම්  කරන්න  කාටවත්  පුළුවන්  උනේ නෑ යනුවෙන් ද මලවිගේ   මහතා  අවසන්   වශයෙන්  කීය.

-  ලාල් ගොඩගේ  -