උණුසුම් පුවත්

බටපොළ නන්ද නාහිමිපාණන්ගේ අදාහනෝත්සවය අනිද්දා (04) බටපොළ දී

විචිත්‍ර ධර්මදේශකයාණන් වහන් සේ නමක වූ නන්ද හිමිපාණෝ ගිහි පැවිදි සැමට සම මෙත් සිත් පෑ යතිවරයාණන් වහන්සේ නමකි

බටපෙළ ශ්‍රී සුභද්‍රාරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ශාස්ත්‍රපති ජ්‍ය බටපොළ නන්ද නා හිමිපාණන් ගේ ආදාහන පූජෝත්ස්වය හතරවන ඉරිදා (04) ප.ව.5.00 ට බටපොළ ඊරියගහදොළ පොදු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට විහාරස්ථ ායක සභාව විසින් කටයුතු යොදා තිබේ. 

අපවත්වන විට එකුන් හැත්තෑ වියේ පසුවූ උන්වහන්සේ කලක් තිස්සේ රෝගාතුරව වැඩ හුන්හ.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව ගුරු වෘත්තියට පිවිස පොළොන්නරුව    දිස්ත්‍රික්කයේ යාය 8 මයුරපාද මහ විද්‍යාලයේ  සේවයේ නිරතවූ උන් වහන්සේ එම විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙසත් අනතුරුව කොළඹ කොල්ලුපිටියේ සාන්ත මයිකල් විදුහලෙහිත්ට ඊට පසු බටපොළ ශ්‍රී අනෝමදස්සී කණිටු විදුහලේ් විදුහල්පති ධූරය දැරූහ. විශ්‍රාම ලැබීමෙන් කලකට පසු ගිලන් වූහ.
පුජ්‍ය බටපොළ නන්ද හිමියෝ ශ්‍රී කළ්‍යාණවංශ නිකායේ හිටපු ලේඛකාධීකාරි වරයෙක් හා විධායක සභික ධූරන්ධරව වැඩ  සිටි උන් වහන්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික තනතුර ද කලක් දැරූහ.
ශ්‍රී කළ්‍යාණවංශ මහ නිකායේ මහා නායක ධූරය හෙබවූ අපවත් වී වදාළ පූජ්‍ය බටපොළ අනෝමදස්සී හිමියන් ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. 
  -  ලාල් ගොඩගේ  -