උණුසුම් පුවත්දේශපාලන බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට යවයි 2025-04-300 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ හවුරුදු 25 කට පසුව ලු පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත. වසර 25 කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජාතික ජන බලවේගයේ මැයි රැලිය ගාලු මුවදොර දී Next Article 2024 මහ බැංකු මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපතිට