ශ්රීකාන්ත් නන්ද (ස්වාධීන කණ්ඩායම් 01) උප සභාපති ධූරයට
ජාතික ජන බලවේගයේ (NPP) සාගරධීර විශ්ව වික්රම මහතා අද බණ්ඩාරවෙල නගර සභාවේ සභාපතිවරයා සේ තේරී පත් විය.
ඡන්ද අටක් ලබා ගනිමින් විශ්වවික්රම මහතා මේ ජයග්රහණය සරිකර ගත්තේ ය.
ස්වාධීන කණ්ඩායම් 01 න් ශ්රීකාන්ත් නන්ද මහතා පත් කරන ලද්දේ ජාතික ජන බලවේගයන් ඔහු ගේ නම යෝජනා කොට ස්ථිර කිරීමෙනි. ඔහු ද ඡන්ද අටක් ලබා ගත්තේ ය.
අද පැවති බණ්ඩාරවෙල නගර සභාව පිහිටුවීමේ අවස්ථාවට සමගි ජන බලවේගය ඔවුන් ගේ මනාපය ප්රකාශ කිරීමට ඉදිරිපත් වී නැත.
බණ්ඩාරවෙල මහ නරග සභාවේ මන්ත්රී ධූර 06 ජාතික ජන බලවේගය සතු ය. ස්වාධීන කණ්ඩායම් අංක 01 ට මන්ත්රී ධූර 05 ක් හිමි ය.
මන්ත්රී ධුර 03 ක් හිමිව ඇත්තේ සමගි ජන බලවේගයට යි..
එමෙන් ම ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02 කට එක් මන්ත්රී ධුරය බැගින් බණ්ඩාරවෙල නගර සභාවෙන් සතු ය.