මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම කියයි
තීරුබදු සාකච්ඡාවල සාර්ථකත්වය මත තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදය සමග වෙළඳ සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ යැ යි මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ඇමරිකාව සමග පැවති සාකච්ඡාවලින් ශ්‍රී ලංකාව අපේක්ෂා කළ ආකාරයේ බදු සහනයක් ලබා ගැනීමට හැකිවූ බවයි.
කලාපයේ සෙසු තරගකරුවන්ට සමාන තිරුබදු අනුපාතයක් ලබා ගැනීමට හැකි වූ බව කී මුදල් ලේකම්වරයා ශ්‍රී ලංකාවේ වෙළඳපළ මැනවින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ යැ යි ද ප්‍රකාශ කළේ ය.
තවදුරටත් තීරුබදු අඩු කිරීම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රජය එක්සත් ජනපදය සමඟ දිගටම ක්‍රියාත්මක වන්නේ යැ යි ද ඔහු කී ය.