උණුසුම් පුවත්

බ්‍රිතාන්‍යයේ රාජකීය කුමරිය ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය වැඳ පුදා ගනී

ක්සත් රාජධානියේ රාජකීය කුමරිය වන ඈන් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තිබෙනවා..

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමාද මෙම අවස්ථාවට එක්වුණා…

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගා සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක් ද තබා තිබුණා..