මොනරාගල මඩුල්ල ගල්ගමුව ද්විතීයක පාසලට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පිරිනමා සජිත් ප්‍රේමදාස කියයි
රටේ ක්ෂේත්‍ර රැසක සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිතව තිබියදී කයිය නායකයෝ තමන්ගේ පක්ෂයට ලැබෙන මුදල් සමාජ මාධ්‍ය හරහා අපහාස මඩ ප්‍රචාර දියත් කිරීමට යොදවන බවත් මේවැනි දේශපාලන සූදුවල වහල්ලු නොවන ලෙසත් එකවරක් වහලුන් ලෙස ඇන්දුනු නිසා රටම බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාලකයෝ රට සංවර්ධනය කරනවා වෙනුවට මන්ත්‍ත්‍රීවරුන්ට බාර් පර්මිට් ලබා දීම ඡන්දය ළඟ නිසා මුදල් ලබා දී මන්ත්‍රීවරුන් බා ගැනිමට කටයුතු කිරීම සිදු කරණ බවත් මන්ත්‍රීවරුන්ට මුදල් ලැබෙන කොට ජනතාවට ලැබෙන්නේ අභාග්‍ය බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 183 වැනි අදියර යටතේ අද මොනරාගල මඩුල්ල ගල්ගමුව ද්විතීයක පාසලට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
සෙසු පක්ෂවල අය මුදලට විකිණුනනත් තමාගේ පක්ෂයේ අය මුදලට විකිනෙන්නේ නැති බවත් වරදාන වරප්‍රසාදවලට වහල් වී කෝටි ගණන් අරමුදල් බාර නොගෙන දූෂිත දේශපාලනය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බංකොලොත් රටේ මුදලට වරදාන වරප්‍රසාදවලට බලය තිබෙන පැත්තට මාරු වීම් බලාගත හැකි බවත් සමගි ජන බලවේගය මුදලට දේශපාලනය නොකරන බවත් මුදල් උපයෝගී කරගෙන සෞඛය හා අධ්‍යාපනය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මහජන සේවය මුදලට සීමා කරන්න බැහැ
මහජන සේවය මුදලට ගත නොහැකි බවත් එය මුදලට වඩා ප්‍රශස්ත ප්‍රබුද්ධ දෙයක් බැවින් මුදලට තමන් ඇතුළු පිරිස බිලි බා ගත නොහැකි බවත් මන්ත්‍රීවරුන් බා ගන්න මුදලින් පාසල් සංවර්ධනය කරණ ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
වෙනත් රටවල head hunting අපේ රටේ job hunting
අධ්‍යාපනය හොදින් කරන රටවල හොද මොලවල් සොයාගෙන ව්‍යපාරිකයන් දරුවන් පසුපස ගියත් අප රටේ සිදුවන්නේ උපාධියෙන් පසු රැකියා පසුපස යාම බවත් හෙට් හන්ටින් වෙනස රටට ඇති කළ යුතු බවත් අධ්‍යාපනය ගුණාත්මක නම් රැකියා පසුපස යාම අවශ්‍ය නොවන නිසා මේ වෙනස ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ සුහුරු අධ්‍යාපනයක් නොමැත්තේ දරුවන්ගේ වරදින් නොව දේශපාලනඥයන්ගේ වරදින් බවත් සිංහල පමණයි දමිල පමණයි කියා ඡන්ද මල්ල වැඩි කර ගැනීමෙන් දරුවන්ට සෙතක් නොවන බවත් මොවුන් ජාතිවාදය ආගම්වාදය භාෂාවාදය අවුස්සා තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් මේ තුළින් අවසානයේ දේශපාලනඥයන් වැජබී දරුවන් අනාථ වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 183ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2020ක් වැය කර තිබේ