ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලනපරිසරය

බාල ගල් අඟුරු ජාවාරමෙන් රුපියල් මිලියන 7672 ක පාඩුවක් කරලා

ආණ්ඩුව හත්පොළේ ගාගෙන

”ලෝකේ තියෙන්නේ හොරකම් විතරක් නෙවෙයි, ගොංකම් කියලා ජාතියකුත් තියෙනවා කියලා අපි කිව්වා” යි පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

”මේකෙන් විශාල පාඩුවක් වෙනවා, ඒ පාඩුව ජනතාව මත පැටවෙනවා කියලා අපි  කිව්වා. එතකොට ආණ්ඩුව අපි හොරුද නැද්ද කියලා හරියට කියන්න, අනිත් ප්‍රශ්න වැඩක් නෑ කිව්වා. විපක්ෂය හොරා හොරා තැටිය වාදනය කළා යි ද ජාගොඩ මහතා පවසන්නේ බාල ගල් අඟුරු ගෙන්විමෙන් කරැති වංචාව ගැන ජනතාව දැනුවත් කරමිනි.

ලංකා විදුලි බල මණ්ඩලය, පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා ක්‍රමෝපායික සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවට සවිස්තරාත්මකව දැනුම්දී ඇත.  නැව් 8 ක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීම නිසා රටට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 7,672.1 ක් බව මේ ලිපියේ සඳහන් වන බව ද හෙතෙම සඳහන් කරයි.
සිදුව ඇති පාඩුව විදුලි ගාස්තු වලට එකතු කර, ජනතාව මත පැටවීම ට ආණ්ඩුව කැස කවමින් සිටින්නේ යැ යි කියන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා ඒ වෙනුවට හානිපූරණය සඳහා විකල්ප සැලැස්මක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බල කරමු. යැ යි ද කියයි.
ගල් අඟුරු නැව් දෙකක් ප්‍රමිතියෙන් බාල වුණොත් ටෙන්ඩරය අවලංගු කරන්න පුළුවන් කියලා ටෙන්ඩර් ගිවිසුමේ තියෙන බව ද ජාගොඩ මහතා සඳහන් කරයි.
පළමුවැනි නැවයි, තුන්වැනි නැවයි දෙකේම ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව අනාවරණය වූ අවස්ථාවේම, ජනවාරි මුල අපි මේ බව කිව්වා. ඒ වෙලාවේම ටෙන්ඩරය අවලංගු කරලා, සැපයුම ගැන අලුත්  එකඟතාවයකට යන්න තිබුණා. ඒත්. ඒක නොකර ආණ්ඩුව කළේ මේවා බාල නෑ කියලා කෙස් පැළෙන තර්ක ඉදිරිපත්   කර කර සිටින එක” යැ යි ජාගොඩ මහතා පැවසී ය.
පාර්ලිමේන්තු විපක්ෂය කළේ ආණ්ඩුවට හොරා හොරා කියලා චෝදනා කරමින් ඉන්න එක බව කී හෙතෙම නැව් අටකම ගල් අඟුරු ප්‍රමිතියෙන්ත තොර  බව තහවුරු වූ විට  ආණ්ඩුව පදය මාරු කරලා දඩ ගැසීම නිසා ලාභයි කියන වන්නම නැටීම පටන් ගත් බවත්.    විපක්ෂය හොරා හොරා කියමින් හිටින බවත් හේ අවධාරණය කළේ ය.
තව දුරටත් මේ දූෂණය ගැන කරුණු දක්වමින් ජාගොඩ මහතා,

ඊට පස්සේ ආණ්ඩුව ට්‍රයිඩෙන්ට් සමාගමේ ටෙන්ඩරය අහෝසි නොකරම spot tenders කැඳවන්න කැබිනට් අනුමැතිය දුන්නා. මතක විදියට ඒ පෙබරවාරි මුල.  මේකෙන් රජය නෛතික අර්බුදයකට ගිහින් සමාගමට බෝලේ පාස් වෙන බව අපි කිව්වා. සමාගමට නීතිය ඉදිරියට ගිහින් රජයෙන් වන්දියක් උනත් ගන්න පුළුවන් ජාතියේ ගොං වැඩක් ඒ කළේ. ඒක කිව්වම ආණ්ඩුව ඒ උනාට අපි හොරකම් කළේ නෑනේ කියකිය හිටියා. විපක්ෂය හොරා හොරා කිය කිය හිටියා” යි පැවසුවේ ය.

”පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බා. ආණ්ඩුව තමන් හොරු නොවන බව කටින් ගහලා ඔප්පු කලා කියලා සතුටු වුණා. විපක්ෂය තමන් වගේම ආණ්ඩුවත් හොරු කියලා නියමෙට ඔප්පු කළා කියලා සතුටු වුණා. රටට දිගටම පාඩු වුණා. ජනතාව කබලෙන් ළිපට වැටෙන අවදානම දවසෙන් දවස වැඩි වුණා. මේ ඔක්කොටම පස්සේ පෙබරවාරි අවසානයේ ආණ්ඩුව නීතිපති උපදෙස් විමසනවා ටෙන්ඩරය අවලංගු කරන්න පුළුවන්ද කියලා. දැන් ප්‍රමාද වැඩියි. හත්පොළේ ගාගෙන තියෙන්නේ” යැයි ද පුබුදු ජාගොඩා මහතා සඳහන් කළේ ය.