ක්ෂණික පාලම් සැකසීමට විශේෂ පුහුණුව ලත් 20 ගෙන් සමන්විත ඉංජිනේරු කණ්ඩායමක් ඇවිත්
ආපදාවෙන් පසු දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය ආරම්භ කර ඇති වැඩසටහනට සහාය වෙමින් බේලි පාලම් කොටස් සහ විශේෂඥ කාර්ය මණ්ඩලය රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 ගුවන් යානයක් අද (04) දහවල් මෙරටට ළගා විය.
මෙම ගුවන් යානය මගින් රැගෙන ආ බේලි පාලම් වල කොටස් මෙහෙයුම් අවශ්‍යතා අනුව භාවිතා කළ හැකි අතර පාලම් ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම, බලපෑමට ලක් වූ ප්‍රදේශවල ක්ෂණිකව යෙදවිය හැකි අඩි 110ක් දිග ද්වි - මාර්ග බේලි පාලම් සැකැස්මක් ද මීට අයත් වේ.




