තාත්තයි පුතයි කළ පොළොව නූසුලන තිරස්චීන ක්‍රියාව

ඕස්ට්‍රේලියාවේ බොන්ඩි බීච් හි සිදු කෙරුණු මාරාන්තික ත්‍රස්තවාදී ප්‍රහාරයට පිය පුතු දෙදෙනකු සැක කරන බව නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැන්යොන් (Police Commissioner Mal Lanyon) සඳුදා වාර්තාකරුවන්ට පැවසී ය.

බොන්ඩි බීච් තුවක්කුකරු නවීඩ් අක්‍රම් ත්‍රස්ත විරෝධී බලධාරීන්ගේ රේඩාර් ග්‍රහණයට නතුව සිටියෙකි.



2019 දී ඉස්ලාමීය රාජ්‍ය ව්‍යාපාරය හා බැඳුණු ආගමික මධ්‍යස්ථානයකට සම්බන්ධ කණ්ඩායමක් සමඟ එක්වී දේශනවලට හවුල්වීම, ඔහුගේ රැඩිකල්කරණයට ප්‍රධාන හේතුව ලෙස විමර්ශකයින් පරීක්ෂා කරමින් සිටී.
24 හැවිරිදි නවීඩ් අක්‍රම් සහ ඔහුගේ පියා සජිඩ්, 50, ඉරිදා බොන්ඩි බීච් හි යුදෙව් පවුල් සමූහයකට අධි බලැති ගිනි අවි භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 15 දෙනෙකු ඝාතනය විය. තවත් දුසිම් ගණනකට තුවාල සිදු කළහ.
පොලිසියේ ප්‍රතිප්‍රහාරයෙන් පියා - සජිඩ් මරුම් කෑවේ ය පුතා - නවීඩ් කෝමා තත්වයේ රෝහලේ පසුවන අතර ඔහු දිවි ගලවා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සමූලඝාතනය පිළිබඳ විමර්ශනය පිළිබඳව තොරතුරු සපයන බහු මූලාශ්‍රවලින් තහවුරු වූයේ නවීඩ් මුලින්ම බලධාරීන්ගේ අවධානයට ලක් වූයේ සිඩ්නි හි බටහිරින් IS ගෝලයන්ගේ කුටියක් සොයා ගත් අවස්ථාවේදී බව යි.
ඕස්ට්‍රේලියාවේ IS හි අණදෙන නිලධාරී ලෙස ස්වේච්ඡාවෙන් ම පෙනී සිටින අයිසැක් එල් මාතාරි ඇතුළු තරුණයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහු සිඩ්නි හි CBD හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කිරීමට කුමන්ත්‍රණය කළේය.
නවීඩ් මාතාරි සහ එම විමර්ශනයේදී චෝදනා ලැබූ අනෙකුත් පුද්ගලයින් මෙන් ම සමාන කවයන් තුළ ගමන් කළ නමුත් අපරාධ චෝදනාවක් පැවරීමට තරම් භයානක යැයි නොසැලකූ බව ද ආරංචි මාර්ග පවසයි.
