ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනපරිසරය බොරැල්ලේ මැගසින්, රත්නපුරේ කුරුවිට බන්ධනාගාර දෙකෙත් ඊයේ රෑ අවුල් ඇතිවෙලා 2026-08-070 අලුත් ම වාර්තා අනුව කුරුවිට බන්ධනාගාරයේ පුද්ගලයින් දෙදෙනකු මරුමුවට පත්වෙලා .තුවාල ලද ගණන 12 ක් බව ද වාර්තා වේ. බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ 'ඊ' වාට්ටුවේ රැඳවියන් පිරිසක් ඊයේ (06) රාත්‍රියේ කලහකාරී ලෙස හැසිරීමෙන් දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හට ගත්තේය. එම වාට්ටුවෙන් හදිසියේම පිටතට පැමිණි රැඳවියන් පිරිසක් බන්ධනාගාර දේපළවලට හානි කිරීම නිසා නොසන්සුන් වාතාවරණය ඇති වූ බව කියයි. බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා කැරලි මර්දන ඒකකය ද වහාම එම ස්ථානයට කැඳවීමට පියවර ගත් බන්ධනාගාර නොසන්සුන්කාරි බව මැඩලීමට සමත්ව ඇත. රැඳවියන් 11 කු තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව නවතම වාර්තා වලින් අනාවරණය වේ. බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය සහ රැඳවියන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා ද යොදාගත් ආරංචි මාර්ග දක්වයි. ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ කුරුවිට බන්ධනාගාරය තුළ ද හටගත් නොසන්සුන්කාරී තත්වය පාලනයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊයේ රාත්‍රියේ ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කළ ද අද උදෑසන රැඳවියන් අතර නැවතත් නොසන්සුන්තාවය යළි උද්ගතව තිබුණි.. මෙහිදී තුවාල ලද පුද්ගලයින් දොළොස් දෙනකු රෝහල්ගත කර ඇත. මේ නොසන්සුන්කාරී තත්වයට මුල් වූ රැඳවියන් නම දෙනකු වෙනත් බන්ධනාගාරවලට මාරු කර ඇති බව ද ආරංචි මාර්ග පවසයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති සහ ඉන්දීය විදේශ ලේකම් අතර හමුවක් Next Article පල්ලන්සේනත් අර්බුදයක්