විජිත හේරත් ඇමතිතුමා කියන්නෙ ම බොරු. එතුමා කියන්නෙ මං බොරු කියනව කියලා.
උගන්ඩා සල්ලි ගැන කියූ අනුර දිසානායන හා නිලන්ති කොට්ටච්චි සමගි ජන බලවේගයේ දැ යි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිළ මහතා ප්‍රශ්න කළේ ය.
ජනාධිපති අනුර දිසානායන මහතා හා ජාතික ජනබලවේගයෙන් කළුතර දිස්ත‍්‍රික්කයට තරග කරන නිලන්ති කොට්ටච්චි මහත්මිය සමගි ජන බලවේගයේද යනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ය.
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා උගන්ඩාවට අපේ ඩොලර් අරගෙන ගිය කතාව කිව්වේ සජබ මිස මාලිමාව නොවේ කියලා මාධ්‍ය හමුවක් පැවැත්වමින්.
එහෙම නම් කළුතර දිස්ත්‍රික්කයට මාලිමාවෙන් තරග වදින අවබෝධයෙන් බොරු කියන නිලන්ති කොට්ටහච්චි මහත්මියත් සජබ යෙයෙ? කොහොමද සජබ කෙනා මාලිමාවෙන් තරග කරන්නේ? සජබ අයට මාලිමාවෙන් නාමයෝජනා දුන්නේ අපේක්ෂකයෝ දහහතර දෙනෙක් සොයා ගන්න බැරි කම නිසා ද කියලා ටිල්වින් මැතිතුමාගෙන් අහන්න වෙනවා.
ඒ වගේ ම වත්මන් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා 2021 දී ඩොලර් උගන්ඩාවට ගෙන යෑමක් ගැන කතා කරනවා. එතකොට අනුර දිසානායක මැතිතුමා මාලිමාවේ ජනාධිපති ද, සජබ ජනාධිපති ද කියන එක ටිල්වින් සිල්වා මහතා රටට පැහැදිලි කරන්න ඕනැ.
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත ඇමතිතුමා කට ඇරියොත් කියන්නේ බොරු. පාස්කු වාර්තා ගැන කියන්නේ බොරු. ණය ගැනීම් ගැන කියන්නේ බොරු. ඇත්ත කියලා කියන්න පුළුවන් දෙයක් කියලා නැති ගානයි.
හැබැයි එතුමා කියන්නේ මම බොරු කියනවා කියලා. ඒ නිසා කවුුද ඇත්ත කියන්නේ කියලා ජනතාවට දැන ගැනීමට පුළුවන් වෙන්න මම එතුමාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කළා. නමුත් ඒ විවාදය මග හැරීමෙන් එතුමා තමන් කියන්නේ බොරු බව පිළිගැනීමක් කරලා තිබෙනවා. එතුමා කියනවා නරි බුරති. බල්ලෝ අනිති කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත විජිත ඇමතිතුමනි. ඇත්තෙන්ම ඒක තමයි දැන් වෙලා තිබෙන්නේ. පෙට්ටි කඩයක් වත් පාලනය කරලා පුරුද්දක් නැති, අවුුරුදු 60 ක් විවේචනය පමණක් කරපු අය රටක් පාලනය කරන කොට, නරි බුරනවා වගේ තමයි පේන්නේ.
