උණුසුම් පුවත්විදෙස්

මංමෝ සිං භාරත පුත්‍රයා දිවි සැරිය නිමහම් කරයි

ඉන්වේදියාවේ මහ මොළකාර කීර්තිමත් රාජ්‍ය නායකයා ඔහු

 ඉන්දියාවේහිටපු අගමැති  මන්මෝහන් සිං මහතා අභාවප්‍රපාත් විය. නවදිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. මියයන විට සිං මහතා 92 වැනි වියේ පසු විය.

 ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවල මහා නිර්මාණ ශිල්පියා සිං  මහතා  සේ සැලකේ.

 2004 මැයි 22 සිට 2014 මැයි 26 දින දක්වා කාලය තුළ දාහතරව‍න ඉන්දීය අග්‍රාමාත්‍ය ලෙස හේ භාරත දේශය පාලනය කළේ ය.

 1932 සැප්තැම්බර් 26 දා පකිස්ථානයේ ගාහ් (Gah) හි දී ජන්මය ලද මං මෝහන් සිං මහතා ඉන්දියානු ජාතික කොංග්‍රසයෙන් දේශපාලන පිටියට අවතීර්ණ විය.
 ඉන්දිරා ගාන්ධි සම්මානය හා CNN - IBN වසරේ ඉන්දියානුවා සම්මානය ද CNN - IBN හොඳ ම දේශපාලනඥයා සම්මානයෙන් ද පිදුම් ලබන්නට ඔහු වාසනාවන්ත විය. 

 ඔහු  (2019–2024) සිට රාජ්‍ය සභාව නියෝජනය කරමින් සිට ඇත.