උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

මතක මං පෙත්

හෙළදිව පොත් රාක්කය

මතක මං පෙත්
© වසන්ත දේවසිරි
පද්‍ය සංග්‍රහය

පැදි වැල් 57 කි

පිටු - 136

මිල - රුපියල් 800. 00

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ


මතක මං පෙත් කාව්‍ය සංග්‍රහයේ කතුවරයා වසන්ත දේවසිරි ය.

හේ වෛද්‍යවරයෙකි. ළමා රෝග පිළිබඳ විශේෂඥයෙකි. මහැදුරෙකි. රුහුණු විශ්වවිද්‍යාලයී ය වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුර ද හොබවා මේ වන විට දිසාපාමොක් වෘත්තියෙන් ඉසුඹු ලබා සිටින්නේ ය.

මතක ම පෙත් කාව්‍ය කෘතිය පිළිබඳ පෙරවදන ලියා ඇත්තේ වත්මන් කිවිපරපුරේ නෙත්තියෙහි ම හිඳිනා ආචාර්ය  රත්න ශ්‍රී විජේසිංහ ය.

අපේ බසින් කියනවා නම් රත්නශ්‍රී ය.

''පහන් සංවේගය සොයා යන කවියෙක්" ඔහු මතක මං පෙත් කවි පොත හා කවියා ගැන තබා ඇති සටහනෙහි ශීර්ෂය යි.

එය ද රසවත් සටහනකි.

රත්න ශ්‍රී ගේ ඒ සටහන අප මෙහි සටහන් කරන්නේ දේවසිරි හා ඔහු ගේ නිර්මාණ නැත්නම් කවි ගැන පාඨක ඔබට තවත් ඉතින් යමක් අහන්නට කියවන්නට කුමට දැ යි විමසීමට නොවේ. මං ද යත් රත්නේ දේව්සිරි ගේ උත්සාහය පිළිබඳව බොහෝම අගනා හැඳින්වීමක් කර ඇති හෙයිනි. එය කවියාට මෙන් ම කවි පද අමුණන්නට යොමුවන කවර නිර්මාණකරුවකුට වුව වටිනා බව දක්වන්නට ය.

පහන් සංවේගය සොයා යන කවියෙක්.

'දොස්තර තාත්තා' නම් රචනයේ එන තාත්තා, තම දුව අමතමින්, තාත්තා ගැන දුවටත් පොතක් ලියන්නට හැකි නොවේ දැ යි දිනක කියා සිටියි. පසු දිනෙක ඈ ලියූ සටහනක් ඇගේ මේසය මත තිබී තාත්තා දැක ගනී.

දෙදිනකට පසු දිටිම                                                                                                                                                 

සටහනක් ඇය ලියූ                                                                                                                                                     

පරණ කොළ කෑල්ලක                                                                                                                                                   

මේසෙ උඩ අමතකව

'අයි. වී. දේවසිරි                                                                                                                                                     

ඔහුගේ පුදුම නම විය

..............................                                                                                                                                    ..............................

හුණුවටය‌ේ කතාව නාට්‍යවේ පූරක ජෝර්ජ් අබස්විල්ලි හඳුන්වා දෙමින් ගයන ඒ ගී ඛණ්ඩය උපුටා දැක්වීම ම වසන්ත දේවසිරි කවියා හඳුන්වා දෙන්නට සුදුසු ම අභිධානය බව හැඟේ. ඔහු සැපෙන් මතු නොව, අර්ථ සම්පන්නව ද ජීවත් වෙයි. ඔහු ලියා ඇති මේ කවි ඒ අරුත් සරු දිවියෙහි සටහනක් ම ය.

මේ කෘතියට ඇතුළත් අඩ සියයක් පමණ වන රචනා අතුරින් බහුතරයක් පුද්ගලානුභූතීන් බව පෙනේ. එහෙත් ඒ සෑම පුද්ගලානුභූතියක් ම ඒකචාරී හුදකලා මිනිසකුගේ අත්දැකීම් නොව, නිරතුරුව සමාජය හා සංවාදයක යෙදෙන, සමාජය සමඟ අන්‍යොන්‍ය ප්‍රතික්‍රියා ඇති මිනිසෙකුගේ ය.

මේ කෘතියට අයත් රචනා වලින් දහයක් දොළහක් පමණ ම වෛද්‍යවරයෙකු ලෙස ඔහු රෝගීන් වෙතින් ලද අත්දැකීම් ය. විශේෂයෙන් ම ළමා රෝගීන් ගේ සිතුම් පැතුම් හා චර්යා තරමක් භාවික ගුණයෙන් ආර්ද්‍ර වේ. ඒවා නිරූපණයේ දී සරල කටවහරට හුරු ශාෂාවේ රිද්මය ම ඔහු භාවිතා කරයි. ඇතැම් රචනයක් මානවසිංහගේ ළමුන් උදෙසා ලියූ කවක රිද්ම ලක්ෂණ සිහි ගන්වයි. පිළිකාව හා දරුවන් ගේ සියුමැලි සිත අතර ඇත්තේ කොතරම් බිහිසුණු පරතරයක් ද? පිළිකා රෝගී දරුවෙකු නඟන ප්‍රශ්න සියුමැලි වන තරමට රෝගයේ ගොරතර බව වඩාත් බිහිසුණුව දැනෙන්නේ එබැවිනි.

මේ රචනාවන් රැසකට ම වස්තු විෂය වී ඇත්තේ කිසියම් සිද්ධිවාචකයකි.ඒවා විස්තර කරමින් දැක්වීම කවියාගේ රීතිය යි. එහි කිසියම් වෘතාන්ත කථන ස්වරූපයක් ද වේ. එහෙත් කවියා සිය වින්දනයේ මූලික හරය අඟවනු මිස එය විස්තර නොකරන බවත්, ඉතා කෙටි, සංක්ෂිප්ත රේඛා සටහනකින් ඔහුගේ වින්දනය රූපනය කොට, කාව්‍යමය භාෂාවේ අලංකාරවලට වැඩි වගකීම් පවරණ බවත් අපට පඬි වදන් ඉදිරිපත් කළ හැකි ය. එහෙත් මේ වසන්ත දේවසිරි කවියාගේ කාව්‍ය රීතිය යි. අනවශ්‍ය විස්තර හා දීර්ඝ කිරීම් සහිතව ස්වාධීන වින්දනයකට ඉඩ අවුරමින් ඔහු අවසානයේ දී පහන් සංවේගයකට අප නතු කර ගනී. එය සද්ධින් ආනන්දය ද බ්‍රහ්මාස්වාදය ද නොව පහන් සංවේගයම ය. ඒ ඔහුගේ කවි මඟයි. එයට කෙසේ එරෙහි වමුද?

ගුණදාස අමරසේකර කවියාගේ 'භාව ගීත' හා 'උයනක හිඳ ලියූ කවි' කෘතීන් හි රචනා මෙන් ම පසු කාලීන ඔහුගේ ඇතැම් රචනා ද සිහි ගන්වන නිර්මාණ රැසක් වසන්ත දේවසිරිගේ කවි අතර වේ. ඒවා අනුකාරක රචනා නොව ආභාසයෙහි ඵලයක් බව  ඉඳුරාම කිව යුතු යත සම අත්දැකීම් මෙන් ම, ආකෘතිය ද ඒ ඥාතීත්වය සිහි කරවයි. පහසුවෙන් භාෂණයේ රිද්මයට නතුකර ගත හැකි පස්මත් විරිතින් සැදුණු වෘත්තගන්ධි අර්ධ කාව්‍ය රීතිය වසන්ත දේවසිරි කවියාට අභිමත වන්නේ, ඒ කවි මඟ ප්‍රචලිත කළ අමරසේකර කවියාට ඔහු අලුම් කරන නිසා ද විය යුතු ය.

මහමෝදර රෝහලේ දී, පවින් බඒ මෙ බිම් කඩ, වැස්ස, රුවන් වැනි එසරන යුග වැනි රචනා අතීත කාමී වින්දනයක් සහ පුරුෂාර්ථ ගවේෂණයෙහි ලා කවියා තුළ දක්නා රුචිය ද පැහැදිලි කරනු වැන්න.

අනවශ්‍ය දික් කිරීම් නිසා අයාලේ ගොස් ඇති රචනයක් වුව ද 'නිග්‍රොද මිගරද' නම් කවි පෙළ පුරාණෝක්ති ඇසුරෙහි සාරාථර්වත් ජීවිත සොයන සිත සනහන්නකි. මධු සමය ගෙවනු ඇත. නිදිවරණ පිය ළඳුනි වැනි රචනා නූතන අත්දැකීම් මනාව හික්මවා ගන්නට කවියා සතු හැකියාවන් පෙන්වා දෙයි. කටවහරේ භාෂාලංකාරත් භාෂණයේ රිද්මයත් යොදා ගන්නා අතර ම සම්භාව්‍ය කාව්‍ය භාෂාවේ මහිමය ද විචිත්‍ර ලෙස ශෟචිත්‍ය ගුණ රැකෙන පරිදි වහරන්නට විටෙක දේවසිරි සමත් වේ. එතරම් සාර්ථක රචනාවක් නොවුණ ද 'හැදෙනවා ලෙඩ අපි නොදන්න' නම් කවි පෙළේ දී බිලිං ව්‍යාංජනය බුදින්නට මැලි වන නූතන දුවට පියා සිහිපත් කර දෙන අතීතය උදෙසා උදව්වට එන්නේ එකී සම්භාව්‍ය ව්‍යවහාරය යි.

''නුදුටුවේ නුඹ අඳුරු වූ' යුරු මවගෙ සොමිබර වත කමල් අඳුර හිංද ද තබා ගිය මෙහි වැඩි දිනේ පති කුල එකල්?''

'අඬැස් දන' නිර්මාණය ද සිද්ධි වාචක කථනයක් වුව අත්දැකීමෙහි විචිත්‍රතාව ද අපූර්ව ගුණ ද නිසා සිත් ගන්නා රචනයකි. 'දේදුනු පාලම' නම් කවි පෙළ එදා අමරසේකර ලියූ 'නගරයට පෑයූ දේදුන්න' නොවේ. අපූරු සොබාදම් පෙළහරකි. උචිත සංක්ෂිප්තයකට ගොනු කළ වින්දන පථ ඇති එ කව රමණීය යි.

සතතාභ්‍යාසය යනු නිරන්තරයෙන් ම අභ්‍යාස කිරීම ම නොවේ. අභ්‍යාසයේ දී පෙර ලියූ කියූ දෑ නිර්ාලා්භීව කපා කොටා සකසා උචිත ම දේ පමණක් ඉතිරි කර ගැනීම ය. එය වඩාත් සාර්ථක කවියක් උදෙසා දරන වෙහෙසෙකි.

යනුවෙන් රත්න ශ්‍රී විජේසිංහයන් වසන්ත දේවසිරි කවියා ගේ උත්සාහය එසේ අගය කිරීම නිර්මාණකරණයේ යෙදෙන්නට වෙර ගන්නා තත්පර වන කවර නම් වූ අංකුර ලේඛකයකුට මහත් ම අත්වැලක් බව නොකියා නොහැකි ය.

රත්න ශ්‍රී කිවිඳුන් පවසා ඇත්තේ දේවසිරි ගේ කවිකමෙහි ගුණදාස අමරසේකරයන්ගේ 'භාව ගීත' හා 'උයනක හිඳ ලියූ කවි' කෘතීන් හි රචනා මඟ දේවසිරි උකහා ගෙන ඇති බව යි. එහෙත් ඔහු‌ 1975 දී එනම් අදින් අඩසිය වසකට පෙර ලියන ලද 'ආවර්ජනා' කාව්‍ය සංග්‍රහයේ ඇතැම් පැදි වැල් හි හැඩරුව ද , වර්ණ සංකලනය විසිරැතැ  යන්න ද කිවහොත් ඇති වැරැද්දක් ඇද්ද?.

වසන්ත දේවසිරි කවියා ගේ පළමු පද්‍ය සංග්‍රහය ඔස්සේ ඔහු අපට කියා පාන්නේ තමන් සතු කවිකම බොහොම විචිත්‍ර සම්පන්න  බවයි. එමෙන් ම ඔහු ගේ දක්නට ඇති අපට පෙනෙන්නට ඇති වැදගත් ම කාරණය නම් හේ හෙළ දෙස, බස, රැස රැක්මෙහි තත්පර වන්නට කැස කවනා නිර්මාණ කරුවකු බව යි.  බස් වහර මට සිලිටු වුව ද බස රැක්මේ නිරත වන කවියකු සේ ඉදිරිය බලද්දී නණ ලළ කෙරෙහි ද උත්සුක වූවා නම් යෙහෙකි

'මෙවන් වූ අසිරිමත් පිරිනිවන් පෙළහරක්                                                                                                                             

කිසි දිනක සිදු නොවනු ඇත මෙ ලොව යළි මෙ‌ෙ ලෙස                                                                                                         

අග සවුන් මහ රහත් තෙර තෙරි දෙටු රදුන්                                                                                                                   

සපිරිවර බුදු කෙනෙකු සමඟ පසු ගමන් යන 

'බුදු කෙනෙකු හදන්නට සියල් සත සුව පිණිස                                                                                                                   

කැප කෙරූ දිවිය ඇගෙ ඇය බුද්ධ මාතා ය                                                                                                                       

අසම සම බුහුමනින් මෙ ලෙස පුද ලබන්නේ                                                                                                                     

බුද්ධ මාතා ය ඇය නැත ඇයට සම අයෙකු' 

(වේසාලියේ පැවති මහා ප්‍රජාපතී ගෝතමී ථෙරණිය ගේ ආදාහන උත්සවය පිළිබධ ව අපදාන පාළියේ හා ථෙරගාථා අට්ඨ කතා වල එන විස්තර ඇසුරෙනි)

ඔහු නිර්ව්‍යාජ මිනිසෙකි. ඔහු වෙදැදුරෙකි. තමන් උගත් දෙයින් බාල පරපුරට වැලඳෛන්නා වූ නේකාකාර ලෙඩ රෝග සුව කරන්නට හේ ගෙවූ කාලය බොහෝ ය. ඉදින් දැන් වසන්ත දේවසිරි මෙවන් නිර්මාණ කරමින් උත්සාහ ගන්නේ තමන්ට පැවරී ඇති මහත් මැ මහත් වූ වගකීමක්, යුතුකමක්  කවිකම්දු ඔස්සේ  මිනිස් සමාජයේ ම සුව සෙත සඳහා බෙදා හදා දෙන්නට යැ යි සිතේ.