උණුසුම් පුවත් ඉරාන ජනපති මත්තල දී ලක් අගමැති සුහදව පිළිගනී 2024-04-240 නැගෙනහිර මුහුදේ ඇමරිකා ශ්‍රී ලංකා නාවික හමුදා යුද අභ්‍යාසයක යෙදෙන්නේ මේ අස්සේ ය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්ට රයිසි මහතා මීට ටික වෙලාවකට පෙර ශ්‍රී ලංකාවට පා තැබුවේ ය. ඒ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටෙනි. ජනපති ඊබ්‍රහිම් රයිසි පැමිණියේ උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීමට සිරිලක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය පිළිගනිමිනි. මේ ව්‍යාපෘතිය අරඹන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී 2010 දී ඉරාන රජයේ ණය මුදලක් යටතේ ය. එහෙත් එය අවසන නිමා කෙරුණේ සිරිලක් මුදලිනි. ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටට පැමිණ නොබෝ වේලාවකින් උමාඔය විවෘත කිරීමට පිටත් විය. රයිසි ජනපති ඉතා සුහද අයුරින් පිළිගන්නා ලද්දේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. ඉරාන ජනපති ලංකාවට එන විටත් නැගෙනහිර මුහුදේ ඇමරිකානු නාවික හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර යුද අභ්‍යාසයක් පැවැත්වෙමින් තිබීම දැඩි කතාබහකට ලක් වෙින් පැවතිණි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මෝඩිට මුස්ලිම් විරෝධතා නැඟේ Next Article රයිසි ෂරීෆ් හමුව