අජිත් පී. පෙරේරා ආණ්ඩුවට අභියෝග කරයි
සංස්කෘතික අරමුදලේ මිලියන 8000 ක වංචාවක් වී ඇතැ යි රජය විසින් පත් කළ කොමිෂන් සභාවක් මගින් සොයා ගෙන ඇති බවට නියෝජ්‍ය සංස්කෘතික ඇමති ගමගෙදර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ඇති බවත් මේ චෝදනාව පසුගිය රජයත්, මේ රජයත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් දිගින් දිගටම මතු කළ බවත් ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රකාශය අනුව මේ කාරක සභාව 2025 ජූලි 15 වැනිදා අ.ම.ප./25/1154/802/018 යන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් ඒ අනුව 2007 සිට 2020 දක්වා කාලසීමාවේදී ආගමික ස්ථානවල විවිධ කටයුතු සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය ආධාර ලබා දීමේ දී සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට පත්කර ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.
මෙම කමිටුව මාස 2 ක් තුළ වාර්තා ඉදිරිපත් කළ යුතු බවත් එවැනි වාර්තාවක් ඇත්නම් සභාව දැනගත යුතු නිසා මේ කමිටුව මාස 2 ක් ඇතුළත වාර්තාවක් සකස් කර ඇත් නම් ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරන්නේ යැ යි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේ නොවන්නේ නම් මන්ත්‍රිවරුන් සදහා වන ආචාරධර්ම සංග්‍රහය අනුව දඩුවම් ලැබිය යුතු වරදක් යැ යි ද මේ ගැටලුව ගැන වසන්ත ජිනදාස මහ අධිකරණ විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා පරීක්ෂණයක් සිදු ෙකාට, එම පරීක්ෂණ වාර්තාව ඇති හෙයින් වැරදි නොකරන අයට අසත්‍ය චෝදනා නොකරන ලෙස මේ වාර්තාවේ පවා සදහන් යැ යි හෙතෙම පැවසී ය.
මීට පෙර ගාමිනී සරත් එදිරිසිංහ, ගෝඨාභය ජයරත්න, හරිගුප්ත රෝහණධීර කමිටුව මගින්ද පුද්ගල ඉලක්ක චෝදනාවක් හෝ වංචාවක් සොයා ගෙන නැති බවත් අල්ලස් කොමිසමට යොමු කළ පසු 2022.11 දින දරන නියෝගය අනුව අල්ලස් පනත යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඉදිරි කටයුතු සිදු නොකිරීමට තීරණය කර ඇති මොහොතක කමිටු පිට කමිටු දැමුවත් අද වන තුරු වරදක් සොයාගත නොහැකි වී ඇති බවත් වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු ලෙස මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න හෝ සමාව ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසීය.