සරල බහුතරයෙන් සම්මත කළ හැකියි
“පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණය කථානායකවරයා වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) පාර්ලිමේන්තුව වෙත නිල වශයෙන් දැනුම් දුන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇත.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි පැවසූ කතානායක වරයා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට නියෝග කළේ ය.
මෙම පනත් කෙටුම්පත දෙවන වර කියවා පාර්ලිමේන්තුවේ විවාදයකින් අනතුරුව සම්මත කර ගත් පසු නීතියක් බවට පත්වීමත් සමඟ ඉදිරියට පත්වන මන්ත්‍රීවරුන්ට මෙන්ම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ද සිය ධුර කාලය හමාර වූ පසු විශ්‍රාම වැටුප් හිමිකම් නොලැබේ, පෙර පැවති නීතිය යටතේ වසර 5 ක සේවා කාලයකින් අනතුරුව ඔවුනට හිමි වූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.

