උණුසුම් පුවත්දේශපාලන

මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුවට ශේෂා ගෙන් යෝජනාවක්

දහවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති පළමුවැනි යෝජනාව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් ශේෂා විතානගේ මන්ත්‍රීවරයා  පවසයි.

සමගි ජන බලවේග‌යේ   රත්නපුර දිස්ත්‍රික් නායකයා වන විතාගේ මහතා මේ බව අනවාරණය කරන අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ය.