වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම දකුණු මුහුදේ සිදුකළ විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් (02) ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් හා ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අද (14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නාවික හමුදා භාරයට ගත් එම ඩිංගි යාත්‍රාව, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දෙකත් සැකකරුවන් දෙදෙනාත් මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් කරන ලද විශේෂඥ පරීක්‍ෂාවේදී, එම ඩිංගි යාත්‍රාවේ තිබු උර දෙකෙහි හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක් ඇති බවට තහවුරු විය.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රාවත්, හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයත් සැකකරුවන් දෙදෙනාත් වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
