ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියයි
සමගි ජන බලවේගය විසින් මනූෂ නානායක්කාර හා හරීන්ෆ්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනා එම පක්ෂයෙන් නෙරපා හැරීම නීතියට අනුගතයැ යි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වූ ඔවුන් දෙදෙනා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගැනීමට එරෙහිව ඔවුන් පක්ෂයෙන් නෙරපන ලද අතර තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ තීරණය බල රහිත කරන්නැ යි ඉල්ලා නානායක්කාර හා ෆ්‍රනාන්දු යන මහත්වරුශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතූහ
ඔවුන් ගේ පෙත්සම විභාග කළ විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පුලි හා අර්ජුණ ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඇමති යුවළගේ පෙත්සම නිශ්ප්‍රභා කරමින් උක්ත තීන්දුව ල්‍රකාශයට පත් කළහ
 
            