මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (18) අරලියගහ මන්දිරයේදී හමු විය.
කිසි දිනක පලුදු නොවූ දෙරට අතර අනාදිමත් කාලයක සිට තිබූ සම්බන්ධතා හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා කතානායකවරයා මෙහිදී ස්මරණය කළේ ය.
මාලදිවයින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ශ්‍රී ලාංකිකයින් දක්වන බුද්ධිමය දායකත්වය පිළිබඳව කථානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. බොහෝ ශ්‍රී ලාංකික ගුරුවරුන් මාලදිවයිනේ පෙර පාසල් සහ පාසල්වල සේවයේ හේ අගැයී ය.
මාලදිවයින් ආයෝජනවලින් 10% ක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් විසින් වීම විශේෂත්වයක් බව හෙතෙම පැවසී ය.
ආසියා කලාපයෙන් අපේ ස්ථාවර කමිටුවට ශ්‍රී ලංකාව නම් කර ඇති බවද කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, කාදර් මස්ථාන්, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
මලදිවයිනේ කතානායක හා අගමැති – දිනේෂ් හමුව
