ආර්ථිකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණය

මව්බිම දිනපතා පත්තරේ හෙට (5) සිට නැහැ

ඉරිදා පත්තරේ සුපුරුදු අයුරින් ම පාඨක ජනයා අතට

'මව්බිම' දිනපතා පුවත්පත හෙට (05) සිට මුද්‍රිත මාධ්‍යයෙන් පාඨක ප්‍රජාවට කියවීමට නොලැබේ. දාහතර වසරක කාලයක් පුරා මුද්‍රිත පත්තරයක් සේ පාඨයින් අතට  ලැබුණු 'මව්බිම' පුවත්පත  කියවන්නට, බලන්නට ඉඩහසර ලැබෙන්නේ ඩිජිටල් වේදිකාවේ ඊ පත්තරයක් ලෙසට බව එහි පාලනාධිකාරිය පවසයි.  

ඩිජිටල් අවකාශය තුළ වඩාත් නව්‍ය වූ ක්‍රමවේද හරහා සුපුරුදු විශ්වසනීයත්වයෙන් යුතුව පුවත් සැපයීමට කටයුතු සූදානම් කර ඇති බවත් දිනපතා පුවත්පත ඩිජිටල් මුහුණුවරක් ගත්තද, 'ඉරිදා මව්බිම' පුවත්පත අඛණ්ඩව මුද්‍රිත මාධ්‍යයෙන් සෑම සති අන්තයකම පාඨකයන් අතට පත් කෙරෙන බවත් නිවේදනයේ සදහන්ය.
මෙතෙක් කලක් වගකීම් සහගතව හා ස්වාධීනව කටයුතු කළ දිනපතා මව්බිම පුවත්පතට එම ගමනට විශ්වාසය දක්වන ලද  පාඨකයන්ට ස්තුතිය පළ කරන්නේ යැ යි  එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.