වික්ටෝරියා ජලාශයේ ඉවරෙහි රුක් රෝපණය
දිගන,අඹ කොටේ ගම්මානය තුළ වෙසෙන මහවැලි ජනපදික ගොවි පවුල් සහභාගී කරගෙන රුක් රෝපණ වැඩසටහනක් අඹ කොටේ තපෝවන විහාරස්ථානය තුළ ක්‍රියාත්මක කෙරිණි.
මෙයට සමගාමීව ප්‍රදේශයේ ගොවි පවුල් සදහා පෞරුෂ වර්ධනය සහ ධනාත්මක චින්තනය පිළිබඳ වැඩසටහනක් මහවැලි නේවාසික කාර්යාලයේ නිලධාරීන් විසින් පැවැත්විණි. තවද වික්ටෝරියා ධීවර සමිතියේ සාමාජිකයින් විසින් වික්ටෝරියා ජලාශයේ ඉවර තුළ රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරිණි. ජලාශය අවට පදිංචි ජනතාව ජලාශයට අයත් ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම නිසා ඉවුරු ඛාදනය සීඝ්‍ර ලෙස වැඩි වී ඇති බැවින් එය වළක්වා ගැනීමට මෙම වැඩසටහන නොකඩවා ක්‍රියාත්මක කරන බව එම ධීවර සමිතියේ සභාපති සියාම් මහතා පැවසීය. මහවැලි ඊ කලාපයේ පුනරුද සතියට සමගාමීව වික්ටෝරියා, මිණිපේ සහ විල්ගමුව කොට්ඨාශ වල ක්‍රීඩා සමාජ වෙනුවෙන් වොලි බෝල් තරගාවලියක් උඩිස්පත්තුව මුස්ලිම් විදුහල් ක්‍රීඩාංගනයේදී අද දින පැවැත්විණි.
මේ සඳහා ක්‍රීඩා සමාජ අටක කණ්ඩායම් තරග වැදුණු අතර, අවසාන තරඟය සඳහා උඩිස්පත්තුව හා දිගන වොලිබෝල් කණ්ඩායම් තරඟ වැදුනි. ඉන් උඩිස්පත්තුව වොලිබෝල් කණ්ඩායම ජයග්‍රහණය කළහ. මෙහිදී ජයග්‍රාහක සහ අනුශූරතාව දිනූ කණ්ඩායම් සඳහා මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු වන එච්.එම්.කේ.ආර්.හේරත් මහතා අතින් කුසලාන පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා මහවැලි බීට්ටු කළමනාකාරිණි ඉනෝකා වර්ණකුල සූරිය මහත්මිය ඇතුළු මහවැලි නිලධාරීන් ද සහභාගි විය.