උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාදසාහිත්‍යය හා කලාව

මහවැලි ජනපදිකයන්ගේ සෞන්දර්ය හැකියාවන් වැඩිදියුණු කිරීම

"නාට්‍ය හා රංග කලාව, සංගීතය, නර්ථනය, සාහිත්‍ය, දෘෂ්‍ය කලා, ප්‍රවෘත්ති හා නිවේදන, ඡායාරූපකරණය" පිළිබඳව පුහුණුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහවැලි කේන්ද්‍රයේ 2025 - 2027 දෑ අවුරුදු වැඩ සැලැස්මට සමගාමීව, ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව "මහවැලි ජනපදිකයන්ගේ සෞන්දර්ය හැකියාවන් වැඩිදියුණු කිරීම සහ ඔවුන්ට වෘත්තීමය තත්ත්වයක් උදාකරදීමේ අරමුණ සහිත දෙදින පුහුණු වැඩසටහනේ සමාරම්භය ඊයේ  (21) පොළොන්නරුව , අරලගංවිල පොලිස් විද්‍යාලයේ දී පැවැත් විණි.

මහවැලි කලාප 10 ම ආවරණය කරමින් "නාට්‍ය හා රංග කලාව, සංගීතය, නර්ථනය, සාහිත්‍ය, දෘෂ්‍ය කලා, ප්‍රවෘත්ති හා නිවේදන, ඡායාරූපකරණය" යන විෂයන්ට කැමැත්තක් දක්වන මහවැලි ජනපදික  අභ්‍යාසලාභීන් 190 ක් ඒ ඒ විෂයන්ට අදාළ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් හා විද්‍යාර්ථයින් යටතේ පුහුණුව ලබා ගත්හ.

  සන්ඳ්‍යාවේදී ගිණිමැල සංදර්ශනයක් හා ඒ ඒ විෂයන්ට අදාළව තමන් ලබාගත් දැණුම හා අත්දැකීම් සම්බන්ධයෙන් ප්‍රායෝගික ඉදිරිපත් කිරීම මගින් විචිත්‍රවත් කිරීමට කෙරුණි

 මේ අවස්ථාව සඳහා මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ධනුෂි දිසානායක, නේවාසික ව්‍යාපාර කළමනාකාර, මහවැලි බී කලාපය නොයෙල් ජයසිරි, ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය තරංග දන්දෙණිය, අරලංවිල හා කල්අඩි පොලිස් විද්‍යාල ඒකකයන්හි වැඩබලන සහකාර අධ්‍යක්ෂ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. සී.එන්. කේ. හේරත්, අරලගංවිල පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපති සමන්ත ජයසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් , විද්‍යාර්ථයින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පුහුණුලාභීන් සහභාගී වූහ.