උණුසුම් පුවත්

මහා ජන ගඟක් හඬවමින් සනත් නිශාන්ත නික්ම යයි

දේහය තැන්පත් කර තිබුණේ තාවකාිකව තනන ලද කුටියක

(ඡායාරූප - ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙනි)

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහත් වූ ජන ගඟක් මැද ඊයේ (28) ආරච්චිකට්ටුව රාජකදළුව ශුද්ධ වූ පාවුලේ කතෝලික දේවස්ථානයී ය සුසාන භූමියේ දී දැයෙන් සමුගත්තේ ය.

අභාවප්‍රාප්ත ජලසම්පාදන රාජ්‍ය ඇමතිවර සනත් නිශාන්ත මහතා ගේ මෘත කලේබරය තැන්පත් කර තිබුණේ ඔහුගේ නිවසට යාබදව තනන ලද තාවකාලික කුටියක ය. ඔහුගේ මෘතදේහයට පවුලේ ඥාතීන් විසින් පැන් වඩා සර්වාගමික වතාවත් කිරීමෙන් අනතුරුව සොහොන් භූමිය කරා රැගෙන ගියේ ඔහුගේ පවුලේ ඇත්තන් ද  ඥාතී හිතමිතුරන් ද ආධාරකරුවන් ද සෝසයුරේ හඬා වැළපෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ද විපක්ෂයේ ද බොහෝ පිරිසක් ජලසම්පාදන රාජ්‍ය ඇමතිවරයා ගේ අවමංගලෝත්සවයට සහභාගි වූහ.