උණුසුම් පුවත්දේශපාලන

මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු මස 19 වනදා

ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩුකර ඇති බව අලි සබ්‍රි උසාවියට කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඔහු විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.

ඒ අද දින මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද එකී පෙත්සම ගැන විමසීමට ගත් අවස්ථාවේ දී ය. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ අභිමුව මේ පෙත්සම විභාග කෙර්. ඒ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන විනිසුරු මඩුල්ල යි.

අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බව යි.

එමෙන් ම මීටඅදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ද කාලය ලබා දෙන්නැ යි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා යත

ඊට අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශවයට ද ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවත් පැමිණිකාර පාර්ශ්වට ප්‍රකාශ කරන ලදි..

ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අධි කරණය හමුවේ පෙනීසිටිමින් කරුණු දක්වමින් සඳහන් කරන ලද්දේ කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බව යි.

ඔහුගේ ආරක්‍ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම හෝ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව බව  සබ්‍රි මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය, ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසයි.