නලීන්ට හවුරුදු 25 ක් - මහින්දානන්දට හවුරුදු 10 ක් බැගින්
මහින්දානන්ද අලුත්ගමගේ හා නලීන් ෆ්රනාන්දු යන හිටපු ඇමතිවරුන් දෙන්නාට කොළඹ මහාධිකරණයෙන් අද (29) හවුරුදු 10 ක හා 25 ක බරපතබ සිර දඬුවම් පමුණුවයි.
ඒ 20215 ජනාධිපතිවරණ සමයේ කරන ලද නීතිවිරෝධී ක්රියාවකට වැරදිකරුවන් බව සනාථ කරමිනි.
ජනාධිපතිවරණ කාලයේ කැරම් හා දාම් බෝඩ් තොග දෙකක් ගේ ක්රීඩා සංගම්වලට අනීතික අයුරුන් බොදා දී ඇති බවට පවත්වන ලද නඩු විභාගයකින් පසු මහාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් ඔවුන් දෙදෙනා එකී වැරද්දට වැරදිකරුවන් බවට තීන්දු කිරීමෙනි.
අල්ලස් කොමිෂම විසින් මොවුන් දෙදෙනාට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් පසු අද උසාවිය විසින් මේ තීන්දුව ගන්නා ලදි.