නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයෙන්
2021 දී ප්‍රමිතියෙන් තොර පොහොර තොගයක් ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 130 ක පාඩුවක් සිදුකරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තුවක් අද (16) නිකුත් කරන ලදි.
මෙකී වරෙන්තුව නිකුත් කරන ලද්දේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසිනි.
කොමිසම විසින් අල්ලස් පනතේ විධිවිධානවලට අනුව සැකකාර අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් ලබාදෙන සේ ඉල්ලීමක් කරන ලදි. මෝසමක් ඉදිරිපත් කරමින් කොමිසම විසින් කරන ලද එකී ඉල්ලීම සලකා බලන ලද අධිකරණය එකී නියෝගය නිකුත් කරන ලදි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් තමන් අත්අඩංගුවට ගතහොත් ඇප ලබාගත හැකි පූර්ව ඇපයක් නියම කරන සේ අධිකරණයෙන් ඉල්ලීමක් කරන තිබුණි.