යෝෂිත අනිද්දා දක්වා රිමාන්ඩ්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ මද්දුම පුතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට අද හවස ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ නීතිපති උපදෙස් මත යි. ඒ රත්මලාන ප්රදේශයේ ඉඩමක් මිල දී ගැනීම හා සම්බන්ධ සිද්ධියක් පදනම් කර ගෙන යි. මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොහු අත්අඩංගුවට ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා ලද්දේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී අද උදේ ය.