උණුසුම් පුවත්දේශපාලන

මහ ඡන්දෙට දවස් දෙකක් ඉස්කෝලවලට නිවාඩු (13. 14)

්‍යළි විවෘත වන්නේ 18 වැනි සඳුදා

එළැඹෙන නොවැම්බර් 13, 14 දෙදින දිවයිනේ සියලු පාසල්වවලට නිවාඩු ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ නොවැම්බර් 14 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට පාසල් ඡන්ද මධ්‍යස්ථාන හා සමහර පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සේ භාවිතා කරන හෙයිනි.

අනතුරුව පාසල් ඇරඹෙන්නේ නොවැම්බබර් 18 වැනි දා ය. 

14 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 12  දින පාසල් වේලාවෙන් පසු ග්‍රාම නිලධාරීන් වෙත භාර දිය යුතුවේ. යළි පාසල් විවෘත වන්නේ 18 වැනි සඳුදා ය. මහ ඡන්දෙ පැවැත්වෙන දිනය 14 වන බ්‍රහස්පතින්දා වේ.