උණුසුම් පුවත් මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා! 2026-08-250 දේශන ඇත්නම් සැප්තැම්බර් 9 දා ට පෙර අධිකරණයට ඉදිරිපත් කරන්ැයි දෙපාර්ශ්වරයේ ම නීතිඥවරුන්ට දන්වයි පාස්කු ත්‍රස්ත ප්‍රහාර මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා දෙන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළා ය.. මේ බව සඳහන් කෙරුණේ එම නඩු විභාගය යළි කැඳවුණු අවස්ථාවේ දී ය. නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක හා රාමනාදන් කන්නන් යන ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව දිනපතා විභාග කෙරේ. විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව මේ නඩු විභාගය පැවැත් වේ. ඔවුන්ට නඟා ඇති චෝදනා සංඛ්‍යාව 23270 කි. 2019 වසරේ අප්‍රේල් මස 21 වැනි දින පැවති පාස්කු දේව මංගල්‍යය ඉලක්ක කරමින් කොච්චිකඩේ, මීගමුව හා මඩකඝළපුව කිතුනු දේවස්ථානවලට හා සංචාරක හෝටල් කීපයක එල්ල කරන ලද මරාගෙක මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 493 දෙනකුට මරු කැඳවමින් ද තවත් 568 දෙනක=ට බරපතළතුවාල සිදුකිරීමට අනුබල දුන්නේ යැ යි ඊබ්‍රාහිම් මොහමදු නවුෆර් හෙවත් නවුෆර් මව්ලවි ප්‍රමුඛ 24 දනකුට එරෙහිව නීතිපතිවරයා විසින් නවඩු පවරනු ලැබිණි. මේ ගැන සාක්ෂි කරුවන් 2309 ක් පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දෙන ලදි. එකී සාක්කි දීම පසුගිය 17 වැනිදා නිමා විය. මේ පිළිබඳව විත්තිවාචක විමසීම 17 වැනිදා සිට විමසීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩලය තීන්දු කළ පසු විත්තිකරුවන් පිරිසක් විත්තිකූඩුවේ සිට විත්ති වාචක දුන් අතර තවත් පිරිසක් තමන් උදෙසා සාක්ෂි කැඳවන ලද්දේ ය. සාක්ෂි විභාගය ඊයේ (24) අවසන් විය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්ර, අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුදර්ශන් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිය හ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය – 2026 Next Article බන්ධනාගාර තදබදය අවම කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවෙන් අදහස් විමසීම