මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහා ශිව රාත්‍රිය මෙසේ සැමරුණි
ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට පුජෝපහාර දක්වමින් සමරනු ලබන මහා ශිව රාත්‍රී දිනය නිමිති කර ගෙන කොළඹ 6 පිහිටි මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහ ශිවරාත්‍රී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද ආරාධනා කරන ලදී.
එම ආරාධනාව පිළිගෙන එම අවස්ථාවට එක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශිව දෙවියන් වෙනුවෙන් පැවැති හින්දු ආගමික වතාවත්වලටද එක් වී ආශිර්වාද ලබා ගැනීම සිදුවිය.





