කොට්ටච්චිගේ කියුං නිසා! අලි අමාරුවක
ජාතික ජන බලවේගයේ නිලන්ති කොට්ඨාච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියගේ ප්‍රකාශයක් ගැන දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ දී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ප්‍රශ්න කරන අයුරු දක්නට ලැබිණි.
ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය සඳහා රුපියල් ලක්ෂ 980 ක් වියදම් වූ බවත් මෙවර එම සුබ පැතුම් කෙටි පණිවිඩය නොයැවීමේ හේතුවෙන් ඒ සා මුදලක් රජයට ඉතුරු වූ බවත් ඒ මන්ත්‍රීවරිය කළ ප්‍රකාශය ගැන වැඩසටහන කළ කලිඳු කරුණාරත්න මහතා විසින් අමාත්‍යවරයාගෙන් එහිදී විමසන ලදි.
එහිදී ඇමතිවරයා තමන් සතුව මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නැති බව ඇමතිවරයා සඳහන් කරමින් පක්ෂයේ ඇතැම් අය යම් යම් ගැටළුකාරී දේ පවසන වග ප්‍රකාශ කෙළ් ය.
එවන් වැරදි නිවැරදි කර ගැනීමට පියවර ගන්නේ යැ යි ද ජයතිස්ස ඇමතිවරයා කී ය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් බොහෝ දෙනකු ප්‍රසිද්ධියේ කියන බොරු පිළිබඳව කරුණාරත්න මහතා ප්‍රශ්න කරන ලද අවස්ථාවේ නලීන්ද ජයතිස්ස ඇමතිවරයා ප්‍රතිචාර දක්වන ලද්දේ යම් අපහසුතාවයකිනි.
 
            