උණුසුම් පුවත්කාලීනපරිසරය

මානුෂීය ආධාරවලට රේගුවෙන් බදු සහන

භාණ්ඩවල විස්තර හා ප්‍රමාණ සහ වටිනාකම දැක්වෙන ලියවිල්ලක් ඇවැසියි

ශ්‍රී ලංකාවට එවන මානුෂීය ආධාරවලට රේගුවෙන් බදු සහන

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආපදා තත්වය හමුවේ විදේශයන් හි සිටින ශ්‍රී ලාංකීයයන් ඇතුළු පරිත්‍යාගශීලින් විසින් මානුෂික ආධාර වශයෙන් එවනු ලබන භාණ්ඩ සහ උපකරණ සඳහා තීරුබදු සහනයක් ලබා දීමට රජය තීරණය කොට ඇත..

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයා හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නමට එකී භාණ්ඩ හා උපකරණ එවන්නේ නම් ඒවා තීරු බදු ගෙවීමකින් තොරව ඉතා ඉක්මනින් නිෂ්කාශනය කර ගැනීමට රේගුව පහසුකම් සලසා ඇතැ යි රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කළේ ය.

එසේ එවන භාණ්ඩවල විස්තර හා ප්‍රමාණ සහ වටිනාකම දැක්වෙන ලියවිල්ලක් එවන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

ඊට අමතරව  භාණ්ඩ ශ්‍රී ලංකාවට එවීම සඳහා බාරදුන් බවට ලිපියක් ද, භාණ්ඩ ලංකාවට ලැබෙන්නට පෙර, ඊමේල් මඟින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත එවන ලෙස ද අරුක්ගොඩ මහතා පරික්‍යාගශීලින්ට දන්වයි.