ආරක්ෂකඋණුසුම් පුවත්

මාමඩලේ ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් 13 දා දක්වා රිමාන්ඩ්

බාලවයස්කාර සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස .

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් ෂධ මිගාර මහතා විසින් එම නියෝගය කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි බාලවයස්කාර සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර ඇත.