උණුසුම් පුවත්

මාමා කළා මෙන් බෑනා ද ජනමත විචාරණයක ට පිටපොට ගහනවා ද?

නීති විශාරද මතය කොහොම දැ

ජනමත විචාරණයක් පැවැත්වීමට පහුගිය දිනවල සාකච්ඡා ගණනාවක් ම පවත්වා ඇතැ යි හෙළදිව දේශපාලන කතා බහට තොරතුරු   සපයන ආරංචි මාර්ග කියයි.

 බත්රමුල්ලේ ඉහළ තරු පන්ති හෝටලයක සාකච්ඡා කෙරී ඇත. 

අධිකරණය අවහිරතා ඇත්නම් ඊට ගත යුතු ක්‍රියා පිළිවෙත ද මේ සාකච්ඡාවල දී නීති ක්ෂේත්‍රයේ පරිණතයන් ගෙන් විමසූ බව ද  ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ජනමත විචාරණය පැවැත්වීමට  හැකි අවස්ථා දෙකක් ගැන  නීති නිපුණයන් පෙන්වා දී ඇතැ යි ද ආරංචි මාර්ග කියා ඇත.

රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් යොමු කිරීමට ජනාධිපතිවරයාට හැකි අතර පාර්ලිමේන්තු පනතක් හරහා තුනෙන් දෙකකින් සම්මත වූ පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළහොත් ජනමත විචාරණයකට යා හැකි බවත් පෙන්වා දී ඇත.

එළඹෙන මාසයේ ජනමත විචාරණයක් පැවැත්වීම ආණ්ඩුවේ උත්සාහය බව  හෙළදිවට ආරංචි ලැබෙන ආකාරයෙන් පෙනේ. එය කෙතරම් සාර්ථක දැයි ආණ්ඩුවේ ඇත්තන්ගේ හැසිරීම්වලින් බලාගත හැකි ය.

ඡන්දය කල් දැම්මොත් ඒ ඒක්සත් ජාතික පක්ෂයේ අවසානය යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පහුගිය දොහක මාධ්‍යවේදීන් ඇෂූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්ශ කීවේ ය.