තුරුණු වියේ දී ම දේශපාලනයට එක් වූ නායකයෙක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මාවෙයි සේනාධිරාජා මහතා මීට පැය කීපයකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මියයන විට ඔහු පසුවූයේ 82 වියෙහි ය.
සේනාධිරාජා මහතා 1942 ඔක්තෝබර් 27 වැනිදා උපත ලැබී ය. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ වීමන්රාමම් පාසලෙන් නඩේස්වර විද්‍යාලවලිනි.
පාසල් අධ්‍යාපනයෙන් පසු පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට බාහිර ශිෂ්‍යයෙකු ලෙස බැඳුණු ඔහු එයින් සිය පළමු උපාධිය ලබා ගත්තේය.
තරුණ වියේදීම ශ්‍රී ලංකා දෙමළ ජාතිකවාදී ව්‍යාපාරයට සම්බන්ධ වූ සේනාධිරාජා මහතා 1961 පැවති සත්‍යග්‍රහයටද හවුල් විය. ඔහු 1962 දී දෙමළ තරුණ සංගමය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) හි තරුණ අංශයට සම්බන්ධ විය.
ඔහු 1966 සිට 1969 දක්වා Eela Thamil Elanger Eyakam (Eelam Tamil Youth Movement) හි ලේකම්වරයා බවට පත් වුණේ ය.
1969 සහ 1983 අතර අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට හසුව විවිධ සිරගෙවල් අටක වසර හතක් සිරගතව සිටියේය. ඔහු 1972 දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ (TULF) තරුණ සංවිධානය වන දෙමළ තරුණ පෙරමුණේ ලේකම් බවට පත් විය.
සේනාධිරාජා 1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ ENDLF/EPRLF /TELO/TULF සන්ධානයේ අපේක්ෂකයන්ගෙන් අයෙක් සේ තරග වැදුණි. එහෙත් ඔහුට හිමිවූයේ පරාජය යි.
ඔහු 1989 ජූලි 13 වන දින ඝාතනය කරන ලද A. අමිර්තලිංගම් වෙනුවට TULF හි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වී 1989 දී පාර්ලිමේන්තුවට පිවිසියේය.
1999 ජූලි 29 වන දින නීලන් තිරුචෙල්වම් ඝාතනයෙන් පසු ඔහු TULF හි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යළි 1999 දී පාර්ලිමේන්තුවට පිවිසියේය.
සේනාධිරාජා 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයේ TULF හි අපේක්ෂකයෙකු විය. ඔහු තේරී පත් වූ අතර නැවත පාර්ලිමේන්තුවට පිවිසියේය. 2001 ඔක්තෝබර් 20 දින සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, ඊළාම් මහජන විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය සහ TULF එක්ව දෙමළ ජාතික සන්ධානය (TNA) පිහිටුවන ලදී. සේනාධිරාජා යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස 2001 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී නැවත පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේ ය. ඔහු 2004, 2010 සහ 2015 පාර්ලිමේන්තු මැතිවරණවලදී නැවත තේරී පත් විය.
2014 සැප්තැම්බර් 6 වැනි දින ITAK හි නායකයා ලෙස තේරී පත් වීමට පෙර සේනාධිරාජා ITAK හි ප්‍රධාන ලේකම් විය. සේනාධිරාජා යනු දෙමළ ජාතික සන්ධානයට නායකත්වය මන්ත්‍රීවරයෙකි.