ජගත් ගේ සතියේ සටහන - 105


ජාතික ජන බලවේගයේ ඇමතින්ට පළපුරුද්දක් නැතිකම
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය නඟන ප්‍රධාන චෝදනාවක් නම් මේ ආණ්ඩුවේ මැති ඇමතින්ට පළපුරුද්දක් නොමැති බව. ඔවුන් ආධුනිකයින් බැවින් නියම ආකාරයෙන් රට පාලනය කිරීමට නොහැකි වී ඇති බව ද විපක්ෂය චෝදනා නඟනවා.
විපක්ෂය මේ දිනවල කරන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරන සමහර ප්‍රකාශ අල්ලා ගෙන ඒවාට පහර ගැසීම යි.
ලාල්කාන්තට පහර පිට පහර
කේ. ඩී. ලාල්කාන්., වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ, ටී. බී. සරත්ආදීන් ඔවුන්ට හොඳටකටගැස්මක් වී තිබෙනවා.
ලෙනින් සැමරීම සදහා ජ. වි. පෙ වෘත්තීය සමිතිවල මෙහෙයවීමෙන් පසුගිය දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවතිරැස්වීමේ දී ''අපි ගැහුවොත්, කළු කෝට් ද, සිවුරු ද කියා බලන්නෙ නෑ.දේශපාලන වශයෙන් අපිත් ගහනවා" යැයි ලාල්කාන්ත ඇමතිවරයා කළ ප්‍රකාශය, විපක්ෂයේ දේශපාලනඥයින් හා හිමිවරුන්කීප දෙනකුගේ දැඩි විවේචනයට ලක්වුණා.
විපක්ෂය මේ ප්‍රකාශයෙන් කළේ ආණ්ඩුව ඒකාධිපති පාලනයකට යන බව පෙන්වීමට යි. අපට ආණ්ඩු බලය ලැබුණාට රාජ්‍ය බලය ලැබුණේ නැහැ යි" ලාල්කාන්ත මහතා මීට පෙර ප්‍රකාශයක් ද, මේ චෝදනාව තහවුරු කිරීමට, ඔවුන් යොදා ගෙන තිබෙනවා.
දිට්වා සුළු කුණාටු සිද්ධියේ දී ආණ්ඩුව ජන ජීවිතය ආරක්ෂා කිරීමට අසමති වූ බව කියමින් ආණ්ඩුවේ නායකයන්ට මිනී මැරුම් චෝදනා යටතේ, නඩු පවරන බව ද විපක්ෂය මේ දිනවල මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටි නමුත්, දැන් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නෑ.
විපක්ෂයට පොදු වැඩපිළිවෙළක් නෑ?
ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් දරු පරපුරේ අනාගතය විනාශ කරන බවට විපක්ෂය රටපුරා උද්ඝෝෂණ පැවැත් වූවා. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩංගු 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇසැබි වෙබ් අඩවියක නමක් සඳහන් කොට ඇති බව පවසමින්, ජනතාව එම ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගත යුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු මහා හඩක් නැඟුවා.
ආණ්ඩුව හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වසරකින්කල් දැමූ අතර පළඹු ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණදෙසාම්බර් 29 වනදා සිට ක්‍රියාත්මක කළා.
ඒ සමඟම තම උද්ඝෝෂණ අතැර දැමූ විපක්ෂය දැන් පවසන්නේ තමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නොවූ බව යි. හය ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ කල් දමන ලෙස තමන් ඉල්ලා නොසිටි බවත්, එම ප්‍රතිසංස්කරණ දැන් සිට ම ක්‍රියාත්මක කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.
එමෙන් ම එම ප්‍රතිසංස්කරණ මුල් කරගෙන අධ්‍යාපන ඇමතිනිය ද වන අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විශ්වාස භංග යෝජනාවත් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ගේ අත්සන් එකතු කළ නමුත් දැන් එම විශ්වාස භංග යෝජනාව ද, යටපත් වී තිබෙන බවයි පෙනෙන්නේ.
මෙයින් පැහැදිලි වන්නේ විපක්ෂය එදිනෙදා මතුවන කුමක් හෝ කරුණක් අල්ලා ගෙන හඩ නඟනවා මිස ඔවුන්ට පැහැදිලි වැඩ පිළිවෙළක් නොමැති බව යි.
විපක්සේ සෑම පක්ෂයක ම දේශපාලනය 'වෙයිෂ් කට්' සීමාවී ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
පොදු මැයි දිනයකට දිලිත් ගෙන් යෝජනාවක්!?
මේ අතර විපක්ෂයේ සියලු පක්ෂ එකතු කොටගෙන පොදු ක්‍රියාමාර්ග ඇරඹීමටත් මෙවර මැයි දිනය පොදු මැයි දිනයක් ලෙස පැවැත්වීමටත් සර්වජන බලය පක්ෂය කටයුතු කරගෙන යනවා. ඒ සඳහා මේ සතියේ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ හමුවීමට බලාපොරොත්තු වන බව එහි නායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළා.
එහෙත් සමගි ජන බලවේගයට පක්ෂපාතිඑක්තරා වෙබ් අඩවියක දිලිත් ජයවීර මහතා ගේ එම යෝජනාව උපහාසයෙන් හෙළා දැක තිබුණේ සර්වජන බලයට තනිව මැයි දිනයක් පැවැත්වීමට නොහැකි නිසා අනික් පක්ෂවල සහාය ඉල්ලන බව පවසමින්.
නාමල් ලා බරට වැඩ!
එහෙත් නාමල් රාජපක්ෂ මහතා ගේ නායකත්වය යටකේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් පවත්වමින් පක්ෂ සංවිධාන පිහිටුවමින්, ප්‍රබල දේශපාලන වැඩ පිළිවෙළක් ක්‍රියාත්ම කොට තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය කාලයේ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිට ඉවත්වී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හා සමගි ජන බලවේගයට එක්වි සිටි හිටපු මැති ඇමතිවරුන් රැසක් යළි පොදුජන පෙරමුණට එක්වී ඇති අතර ඔවුන්ට එම පක්ෂයේ ආසන සංවිධායක තනතුරු හිමිවී තිබෙනවා. මේ අනුව පසුගිය දා යළි පොදුජන පෙරමුණ එක්වූ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා බෙන්තර - ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හා පක්ෂයේ සෞඛ්‍ය වෘත්තීය සමිතිවල නායකයා ලෙසත් නාමල් රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවා.
මේ තත්වය යටතේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයට වඩා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාව වෙත ළංවෙමින් පවතින බව යි දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ.
මාස 10 ක් තිස්සේ පුරප්පාඩු වී තිබෙන රජයේ විගණකාධිපති පත් කිරීම සඳහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, පස්වැනි වතාවටත් අලුතින් නමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ගිය සතියේ යවනු ලැබුවා.
අලුතින් පත්වී සිටින සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනා ඇතුළු ව්‍යවස්ථා සභාව නව තනතුරට එවා ඇති නම සලකා බැලීම සඳහා පෙබරවාරි 3 වනදා රැස්වන බව සභානායක ඇමති බිමල් රත්නායක මහතා මහනුවර දී පවසා තිබුණා.
විගණකාධිපති චූලක වික්‍රමරත්න මහතා විශ්‍රාම යාමෙන් පසු මෙම තනතුර හිස්ව පැවති අතර ඒ කාලය තුළ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා දෙවතාවක් ම එහි වැඩ බැලුවා. එහෙත් ඔහුගේ වැඩ බැලීමේ කාලය දීර්ඝ කිරිමට තුන්වැනි වතාවේ ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දුන්නේ නැහැ.
ඒ අතර විගණකාධිපති ධූරය සඳහා ජනාධිපතිවරයා වරින් වර නම් තුනක්එවා තිබු නමුත් ව්‍යවස්ථාදායක සභාව ඒ නම් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළා. එනිසයි විගණකාධිපති තනතුර හිස්ව තිබෙන්නේ.
ආණ්ඩුව කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයින් තිදෙනා දේශපාලන හේතුන් මත ජනාධිපතිවරයා එවූ නම් ප්‍රතික්ෂේප කළ බව යි.
ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයින් තිදෙනාගේ නිලකාලය පසුගිය 18 වැනිදා අවසන් වුණා.
මේ තිදෙනා පත් කළ යුතු වන්නේ අගමැතිගේ හා විපක්ෂ නායකයාගේ එකඟතාවයෙන්. එහෙත් ඒ සඳහා ඔවුන් දෙවතාවක් ම රැස්වූ නමුත් තීරණයක් ගත හැකි වුණේ නැහැ. ඒ අගමැතිවරිය ඉදිරිපත් කළ නම් වලට විපක්ෂ නායකත්, විපක්ෂ නායක ඉදිරිපත් කළ නම්වලට අගමැතිනියත්, විරුද්ධ වීම නිස යි.
කෙසේ හෝ පහුගිය සිකුරාදා දෙදෙනාගේ ම අනුමැතියෙන් විශ්‍රාමික පරිපාලන නිලධාරියකු ඔස්ටින් ෆ්‍රනාන්දු මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨ මහාචාර්ය වරියක වන වසන්තා සෙනෙවිරත්න මහත්මිය හා හිටපු තැපැල්පති හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයකු වන රංජිත් ආරියරත්න මහතා ව්‍යවස්ථාදායක සභාවටපත් කෙරුණා.
යෝජිත විගණකාධිපති වරලත් ගණකාධිකාරි වරයෙක් නොවේ?
මේ අතර විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා විසින් විවෘත විශ්ව විද්‍යාලයේ මුල්‍ය අධිකාරී ඩබ්ලිව්. එම්. කේ. ජී. වික්‍රමසිංහ මහතා ගේ නම ව්‍යවස්ථාදායක සභාවට යවා ඇතැ යි වාර්තා වෙනවා.
විගණකාධිපති ධුරයට පත්වෙන තැනැත්තා වරලත් ගණකාධිකාරි වරයකු වියයුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති නමුත් වික්‍රමසිංහ මහතා වරලත් ගණකාධිකාරි වරයකු නොවන බව සති අන්ත පුවත්පතක් ඊයේ වාර්තා කොට තිබුණා.
කෙසේ වුවද විගණකාධිපති වරයා ගැන ව්‍යවස්ථාදායක සභාවේ තීරණය අඟහරුවාදා (03) දැනගත හැකිවනු ඇතැ යි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
වැඩ බලන විගණකාධිපති වශයෙන් කටයුතු කිරීමට, ධර්මපාල ගම්මන්පිල මහතාට ලිකිතව තිබු නිල කාලය අවසන්වීම නිසා විගණකාධිපති වරයකු නොමැති වීමෙන් පාර්ලිමේන්තුවේ 'කෝප්' හා 'කෝපා' කමිටු රැස්වීම ද පැවැත්වුණේ නැහැ.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන බව කියා ගල් අඟුරු ගෙනැල්ලා තියෙන්නේ ඉන්දුනිසියාවෙන්
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගෙන්වීමේ දී අයථා ගනුදෙනුවක් සිදුවී ඇති බවට හා ගෙන්වන ලද ගල් අඟුරු තත්වයෙන් බාල බවට පරීක්ෂණවලින් හෙළි වීමත් සමඟ විදුලි බල ක්ෂේත්‍රයේ, පාර්ලිමේන්තුවේ හා මහජනයා අතර පසුගිය දිනවල දැඩි කතාබහක් සිදුවුණා.
2025 මැයි මාසයේ දී කැඳවිය යුතුව තිබු ගල් අඟුරු ටෙන්ඩරය අගෝස්තු දක්වා දීර්ඝ කිරීම, ටෙන්ඩර්කාර සමාගම සතුව ගල් අඟුරු තොග මෙට්‍රික් ටොන් දස ලද්ෂයක් තිබිය යුතු බවට තිබු කොන්දේසිය ගල් අඟුරු ටොන් ලක්ෂය දක්වා අඩු කිරීම පිළිබදව විපක්ෂයේ මන්ත්‍රී ඩී. වී. චානක මහතා සහ පාඨලී චම්පික රණවක මහතාත් චෝදනා කළා.
ගෙන්වන ලද පළමු ගල් අඟුරු නැවේ ගල් අඟුරු තත්වයෙන් බාල බවට විද්‍යාගාර පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුණා. කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ ගැන පැවසුවේ බාල ගල් අඟුරු සැපයූ සමාගමට ඩොලර් මිලියන 2. 5 ක දඩයක් නියම කළ බව යි.
මෙම ගල් අඟුරු දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන බව පවසා ඉන්දුනිසියාවෙන් ආනයනය කොට ඇතැ යි පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා.
වංචා දූෂණ නැති කරන බවට ප්‍රතිඥා දී ඇති ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මෙවැනි දූෂිත ගනුදෙනුවක් සිදුවී තිබිය දී ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා හෝ ඒ ගැන නිහඩව සිටීම ගැන දේශපාලන විචාරකයින් විමතිය පළ කරනවා.
වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු යි - බලශක්ති විද්වතුන්
මෙම චෝදනාව එල්ල වී ඇති විදුලි බල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට මීට පෙර ද, ඔහු පොහොර සංස්ථාවේ සේවය කළ කාලයේ සිදුවී ඇතැ යි කියන දූෂිත ගනුදෙනුවක් ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පරීක්ෂණයක් ද සිදු කොට තිබුණා.
ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රමාද කිරීම නිසා ලබන නොවැම්බර් මාසයට පෙර එම කාලය තුළ මුහුද රළුවන බැවින් ගල් අගුරු නැව්වලට නොරොච්චෝලේට ළඟාවීම අපහසු බැවින් ගල් අඟුරු තොග සම්පූර්ණයෙන් ගෙන්වීමට නොහැකි වෙනවා.
මේ නිසා හදිසි මිලදී ගැනීම් යටතේ තවත් ගල් අඟුරු තොගයක් මිලදී ගැනිමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇතැ යි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කොට තිබෙනවා.
විදුලි ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කොට ඇති අවස්ථාවක විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය ක්‍රියාකොට ඇති ආකාරය ගැන ආණ්ඩුව වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු යැ යි බල ශක්ති ක්ෂේත්‍රයේ විද්වතුන් පවසනවා.

