උණුසුම් පුවත්

මැටි පහන් නිපදවන්නන්ට දිරිය ‌

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන දකුණු පළාතේ එකම රතු මැටි කම්හල

සෑම බෞද්ධ නිවසකම එළඹෙන වෙසක් සතියේ මැටි පහන් කීපයක් හෝ දැල්වීමට අමතක නොකරති .එබැවින් මැටි පහන් නිශ්පාදකයන් ද යුහුසුළුව ඒ සඳහා සූදානම් වෙති. දකුණු පළාත් සංවර්ධන අධිකාරිය  යටතේ පාලනය වන දකුණු පළාතේ එකම රතු මැටි කම්හල වන මීටියාගොඩ වේරගොඩ කම්හලේද මේ දිනවල මූලික වශයෙන් සිදු කෙරෙන්නේ මැටි පහන් නිශ්පාදනය වේ.මෙම කම්හල මඟින් වෙනත් නිශ්පාදනය න් ට අමතරව පසුගිය අප්‍රේල් මාසයේදී මැටි පහන් පහළොස් දහසක ඉලක්කයක් සම්පූර්ණ කර ගෙන ඇති අතර මෙම මැයි මාසය සඳහා තවත් මැටි පහන් දස දහසක ඉලක්කයක් සම්පූර්ණ කර ගැනීම සඳහා දැනට එම කම්හලේ සේවයේ නියුතු සේවිකාවන් දෙදෙනා යුහුසුළුව කටයුතු කරන ආකාරයයි මේ.