උණුසුම් පුවත්කාලීනදේශපාලනවිදෙස්

මැදපෙරදිග ගමනාන්ත තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් තීරණය කරයි

බහරේන්හි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවධානයට

මැදපෙරදිග එම රටවල පිහිටි ගමනාන්ත සහ එම ගුවන් අවකාශ භාවිතා කරන ක්‍රියාත්මක වන ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සහ ෆිට්ස් ගුවන් සමාගම් තීරණය කරන ලදි.

මැදපෙරදිග හටගෙන ඇති මේ යුද උණුසුම නිසා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වල පාහේ ගුවන් ගමන්වල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, ගැටුම් කලාපය මඟ හැරීම සඳහා මෙම මාර්ග වෙනස්කම් සිදු කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරන ලදි.

බහරේන්හි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවධානයට

බහරේන් රාජධානියේ වාසය කරන සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට තානාපති කාර්යාලය විසින් දැනුම් දෙන්නේ, බහරේන් රාජධානියේ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන උපදෙස් සහ අනතුරු ඇඟවීම් දැඩි අවධානයෙන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙසටයි.

යුරෝපා කලාපයේ ගුවන් ගමන් කාලය වැඩි වී ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඊශ්‍රායල ගුවන් සීමාව සහ ටෙල් අවිව් ගුවන් තොටුපොළ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව ඊශ්‍රායලේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. 

ඊශ්‍රායලයට පැමිණීම සහ ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑම නැවත දැනුම් දෙනතුරු පමා කරන ලෙසයි එරට තානාපති කාර්යාලය දැනුම් දෙයි.

හදිසි තත්ත්වයක් ඊශ්‍රායලය පුරා ප්‍රකාශයට පත් කර ඇති හෙයින් සියලු කාර්යාලය හා වැඩබිම්වල කටයුතු ද නවතා දමා ඇති බව එරට තානාපති කාර්යාලය පවසයි.