උණුසුම් පුවත්සංස්කෘතික

මැදින් පුර පසළොස්වක පුන් පෝ දා අද යි

ගෞතම බුදුන් වහන්සේ පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම

බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.

කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.

යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.

රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ බවට අසන්නට ලැබුණු සුද්ධෝදන රජතුමා උන්වහන්සේ කපිලවස්තුපුරයට කැදවාගෙන ඒම සදහා දූතයන් යැවීය. මෙලෙස දූත 9 ක් පිටත් කළ හැරිය ද ඔවුන් සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව අරහත් භාවය ලැබීය ලෞකික දේ අත්හරින ලද ඔවුන් පණිවුඩය දීම නොසලකා හැරියහ. දසවන වරට පිටත් කර හරින ලද කාළුදායි නම් බුදුරජාණන් වහන්සේ ගේ කුඩා කළ මිතුරා රහත්භාවය ලබාගත් අතර පණිවුඩය ලබාදීමට සමත්විය. බුද්ධත්වයෙන් අවුරැදු දෙකකට පසු බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට ගමන්කිරීමේ දී ආරම්භ කළ අතර පා ගමනින් වැඩිය මේ ගමනේ දී මග ‍දෙපස ධර්මය දේශනා කරමින් මාස දෙකක් මේ ගමනට ගතවිය. බුදුරජාණන් වහන්සේ ගේ පැමිණිම නිසා මාලිගාවේ දානය සූදානම් කර තිබුනද ආරාධනාවක් නොලැබුණු නිසා බුදුරජාණන් වහන්සේ හා මහා සංඝයා කපිල වස්තු නගරයේ පිඩු සිගා වැඩියහ. මෙය ඇසු විගස බුදුරජාණන්වහන්සේ වෙත ගිය සුද්ධෝන රජතුමා 'අපගේ රාජකීය වංශයේ කිසිවෙකු සිගමනේ ගොස් නැත' බව පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ 'මහරජ ඔබේ වංශය රාජ වංශය, මගේ වංශය බුද්ධ වංශයයි. බුදුවරැන් දහස් ගණනක් පිඩු සිගා වැඩ ඇත.' ලෙස පිළිතුරැ ලබා දුන් සේක.

ඉන්පසුව රජමාළිගාවේ දානයට ආරාධනා කළ සුද්ධෝදන රජතුමා දාන අනතුරැව පැවත ිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් පසු සෝවාන් බව ලැබීය. මෙම ගමනේ දී රාජකීය සමාජිකයෝ බොහෝ දෙනෙක් පැවදි වූ අතර බුදුරජාණන් වහන්සේ‍ගේ ඥාති සහෝදරයන් වන ආනන්ද හා අනුරැද්ධ ද පැවිදි විය. ඔවුන් දෙදො පසුව බුදුරජාණන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් පස්දෙනාගේ අතරට එක්විය උන්වහන්සේ ගේ ගිහිකළ පුත් රාහුල කුමරැ වයස අවුරැදු හතේ දී පැවදිවී අග්‍රශ්‍රාවකයන් දස දෙනාගෙන් කෙනෙකී.

උන්වහන්සේ සහෝදරයෙකු වූ නන්ද කුමරැද පැවිදිව රහත් බව ලැබීය. තවත් ඥාති සහෝදරයෙකු වූ දේවදත්තද පැවිදි වූ නමුත් පසුවබුදුරජාණන් වහන්සේ හා වෛර බැද අන්වහන්සේ මැරවීමට කිහිප වරක් උත්සහ කළේය.

සැරියුත්, මුගලන්, මහාකාශ්‍යප, ආනන්ද හා අනුරැද්ධ යන රහතන්වහන්සේලා ප්‍රධාන ම ශ්‍රාවකයන් පස්දෙනා වන අතර උපාලි සුභූති, රාහුල, මහා කච්චන හා පුණ්න රහතන්වහන්සේලා සමග ප්‍රධාන ශ්‍රාවකයන් දස දෙනා වේ.