කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම ද අද වන් දවසක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ
බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි කරුණු රැසක් සිදුවු මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් මෙන්ම ලාංකිකයින් වශයෙන් ද ඉතා වැදගත් වු පොහො දිනයක් ලෙස සැළකේ.
බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත් පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහො දිනක ය.
බුද්ධත්වයෙන් දහ මසක් ගෙවුණු පසු පියරජුගේ ආරාධනය පරිදි රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්නුවරට උන්වහන්සේ වැඩම කළහ..
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කරවීමෙන් පසු යමහා මා පෙළහැර පෑම, ශුද්ධෝධන රජතුමාණන්ට වෙස්සන්තර ජාතකය දේශනා කිරීමත්, රාහුල කුමරු මහණ කරවීමත්,මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීමත් වැනි සිදුවීම් මාලාවක් මැදින් පුර පසළොස්වක පෝදා හා බැඳී ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය..
බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත්පුර නුවරට වැඩම කරවීම සඳහා ගමනාරම්භ කළ් මැදින් මහේ පුර පසළොස්වක දිනෙක ය..
වෙසක් පොහෝ දිනයෙහි කිඹුල්වත් පුරයට සම්ප්‍රාප්ත වීමේ අරමුණින්, මැදින් පෝදා ආරම්භ කළ මෙම ගමන නිසා ,සිදු වූ අනුස්මරණීය සිද්ධීන් ගණනාවක්ම බෙíද්ධ ඉතිහාසයෙහි දැක්‌වෙන්නේ ය..
ඥාතීන්ගේ මානය බිඳ හෙලීම,
යමා මහ පෙළහර පැවැත්වීම,
යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම,
රාහුල කුමරු හා නන්ද කුමරු පැවිදි කරවීම,
ප්‍රථම වතාවට කාන්තාවන් බුදු සසුනේ පැවිදිවීමට අවසර ඉල්ලීම
සුද්ධෝදන මහරජු මාර්ගඵල ලැබීම
යනාදිය ප්‍රමුඛත්වය ගනියි.
