උණුසුම් පුවත්

මිද්දෙණියේ කජ්ජා ඝාතනය කිරීමට හේතුව ගංජා පාර්සලක් පැහැර ගැනීම ලු

ඝාතකයා භාවිතා කළ යතුරු පැදිය ගල්වලක දමා තිබිය දී පොලිසිය සොයා ගනී

බැකෝ සමන් නමැත්තාගේ ගංජා පාර්සලයක් කජ්ජා විසින් පැහැර ගැනීම ඔහු ඝාතනයට හේතු වී ඇතැ යි මිද්දෙණියේ ත්‍රිත්ව මිනීමැරුමේ වෙඩික්කාරයා  හෙවත් ඝාතකයා විසින් පොලිසියට අනාවරණය කර ඇත.

අරුණ ගමගේ හෙවත් කජ්ජා නමැත්තා පොලි් වෙසින් බැකෝ සමන් ගේ ගංජා පාර්සලය පැහැර ගෙන ඇති හෙයින් ඒ පලිය ගැනීමට  ඔහු මරා දමන්නට ඩුබායි හි සැඟව සිටින බැකෝ සමන්  හා ලහිරු නමැත්තා ගන්න‌ෙ ලද තීරණයක් අනුව කජ්ජා හා ඔහු සමඟ යතුරු පැදියක යමින් හුන් දරුවන් දෙන්නා ද වෙඩික්කරු විසින් මරා දමන ලදි.  කජ්ජා හා ඔහුගේ නම හැවිරිදි දියණියත් හය හැවිරිදි පුතත් ඉකුත් 18 වැනිදා වෙඩි තබා මරා දමන ලද ඝාතකයා ඒ සඳහා භාවිතා කළ යතුරු පැදිය ප්‍රදේශයේ ඇති අත්හැර දමන ලද ගල්වලකට දමා තිබිය දී මිද්දෙණිය පොලිසිය විසින් සොයා ගන්නා ලදි.

මේ පිළිබඳ විමර්ශණය කරන පොලිසිය විසින් මේ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් දහ දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇත.