උණුසුම් පුවත්

මිනීමරු බොරු නීතිඥයාට ගිනි අවිය දී ඇත්තේ නීතිඥ වෙස්ගත් කතක්

පිස්තෝලෙ ගෙනැත් ඇත්තේ බොරු නීතිඥවරියක්?

කුප්‍රසිද්ධ පාතාල නායකයකු සේ නම්දරා හුන් ගණේමුල්ලේ සංජීව නම් අපරාධකරුවා  ඝාතනයට අද  (19) උදේ කොළඹ අලුත්කඩේ උසාවියට ආ නීතිඥ වෙස්ගත්  ඝාතකයාට සහායට  ගිනි අවිය රැගෙන පැමිණ ඇත්තේ නීතිඥවරියක් සේ වෙස් ගත් කාන්තාවක් යැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මේ බොරු නීතිඤවරිය අපරාධ නඩු  විධි විධාන සංග්‍රහයේ ඉතා සූක්ෂම ලෙස රිවෝල්වරයක්  සඟවාගෙන උසාවියට පෑමිණ සංජීවගේ දඩයක්කරුට වෙඩි  තැබීමට සහාය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ ය.

නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගත් ඝාතකයා හිස් අතින් අධිකරණ භූමියට පැමිණ ඉන් පසු කාන්තාවගෙන් ගිනි අවිය ලබාගෙන ඇති බවටත්  කරුණු අනාවරණය කර ගන්නට පොලිසිය සමත්කස් පා ඇත.