ගුවන් ගමන් කාල සටහන්ගත කරන්නේ කවදාද යන්න අපැහැදිලි ය . - අනපේක්ෂිත පුදුමයන්ගෙන් ජීවිතය පිරී ඇත
ඇමරිකානු - ඊශ්‍රායල ද්විත්ව පුරවැසි යුවලක් වන කැරන් සහ ඔම්රි මාමොන්, ඔම්රිගේ සහෝදරියගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා පසුගිය මාසයේ ඊශ්‍රායලයට ගියහ. නවාතැන් සොයමින් එක් නිවසකින් තවත් නිවසකට යමින් තම නිවාඩුව ගත කරන්නට සිදුවන වග ඔවුන් දැන සිටියේ නැත.
විවාහයෙන් සතියකට පසු, ඊශ්‍රායලය ඉරානයට හදිසි ප්‍රහාරයක් දියත් කළේ ය, මිසයිල අහසට ඉහළින් පියාසර කිරීමට පටන් ගත්තේ ය, ගුවන් අවකාශයන් දෙකම වසා දැමුණි. ටෙල් අවිව් හි බෙන් ගුරියන් ගුවන්තොටුපළෙන් පිටත් වන බොහෝ ගුවන් ගමන් අවලංගු කෙරුණි, බොහෝ දෙනෙකුට නිවසට යාමට නොහැකි විය.
“පළමු රාත්‍රියේ, අපි තුන් වතාවක් නවාතැනට ගියෙමු, එතැන් සිට, අපි ආරක්ෂිත කාමර සොයා ගැනීමට උත්සාහ කරමින් නිවෙස්වලට රිංගන්නට කැස කැවිමු. එතැන් සිට අපි ෆ්ලොරිඩාවට ආපසු යෑමට ඊශ්‍රායලයෙන් පිටතට පැනීමට මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටිමු,” ඔම්රි මාමොන් CNN වෙත පවසන ලදි.
ඔවුහු මීට පෙර ඊශ්‍රායලයේ ජීවත් වූහ. නවාතැන් ගැනීම සම්බන්ධ සිදුවීම් අත්විඳ ඇති බව මාමොන් කියයි,
“නමුත් මේ කාලය වෙනස්.”
“බෝම්බ විශාලයි, ශබ්ද අතිශයින් ඉහළයි ... ඔබට සෑම තැනකින් ම බෝම්බ හඬ ඇසෙනවා,” ඔහු තවදුරටත් තෙපලයි .
ඊශ්‍රායලයෙන් පිටවීමට උත්සාහ කරමින් සිටි ඇමරිකානුවන් දුසිම් ගණනක් සෙනසුරාදා මධ්‍යම ඊශ්‍රායලයේ හෝටලයකට රැස් වූහ, එහිදී එක්සත් ජනපද තානාපති කාර්යාල කොන්සියුලර් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පිටත්වීම් සූදානම් කළහ.
සතිය මුලදී, ඊශ්‍රායලයේ එක්සත් ජනපද තානාපති මයික් හකබි සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ තානාපති කාර්යාලයෙන් ඉවත් වීමට කැමති ඇමරිකානු පුරවැසියන් ඉවත් කිරීම ගුවන් ගමන් සහ නැව් සංවිධානය කරන බව. ඉවත් කිරීමේ උත්සාහයන් ආරම්භ වන්නේ කවදාදැයි හකබි නොකීවේ ය .
‘අනපේක්ෂිත පුදුමයන්ගෙන් ජීවිතය පිරී ඇත" ඉරානයට කතා කිරීමට උත්සාහ කරන පුද්ගලයකුගේ අභිරහස් හඬ පණිවිඩයක් හමුවෙයි
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටැමී බෲස් පවසන පරිදි, “ඊශ්‍රායලයේ, බටහිර ඉවුරේ සහ ඉරානයේ තත්වය” පිළිබඳව රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් 25,000 කට අධික පිරිසක් තොරතුරු ඉල්ලා ඇත. හකබිට අනුව, ඊශ්‍රායලයේ ඇමරිකානුවෝ 700,000 ක් පමණ ජීවත් වෙති.
හෝටලයේ සිටි ඇමරිකානුවන් කිහිප දෙනෙකු CNN වෙත ප්‍රකාශ කෙළ් තානාපති කාර්යාලය ඇතන්ස් වෙත ගුවන් ගමන් සංවිධානය කර ඇති බවත්, එතැන් සිට ඔවුන්ට නැවත එක්සත් ජනපදයට ගුවන් ගමන් ලබා ගත හැකි බවත් ය. කෙසේ වෙතත්, එම ගුවන් ගමන් කාල සටහන්ගත කරන්නේ කවදාද යන්න අපැහැදිලි ය .
මාමොන් පවුල යා යුතු ලැයිස්තුවේ සිටි නමුත්, එලනා හේමන් වැනි අනෙක් අය තවමත් ඒ උදෙසා බලා සිටිති.
හේමන් ජුනි මස මුලදී නිවාඩුවක් සඳහා ලොස් ඇන්ජලීස් සිට ඇගේ පවුලේ අය සමඟ ඊශ්‍රායලයට ගමන් කළාය. ඉරාන මිසයිලයක් ටෙල් අවිව් හි ඔවුන් නවාතැන් ගෙන සිටි මහල් නිවාසයට යාබද ගොඩනැගිල්ලකට පහර දුන්නේය. භූමිකම්පාවක් අත්විඳීමට අමතරව, හේමන් CNN වෙත පැවසුවේ තමාට මීට පෙර කිසි දිනෙක මෙතරම් ප්‍රබල කම්පන තරංග දැනී නොමැති බවයි.
එලානා හේමන් (වමේ) සහ ඇගේ දියණිය නෝවා (දකුණේ) ජුනි 21 සෙනසුරාදා සීඑන්එන් වෙත පැවසුවේ ඉරාන මිසයිලයක් ටෙල් අවිව් හි ඔවුන් නවාතැන් ගෙන සිටි මහල් නිවාසයට යාබද ගොඩනැගිල්ලකට පහර දීමෙන් පසුව ඊශ්‍රායලයෙන් පිටතට යාමට මාර්ගයක් සොයා ගැනීමට තවමත් උත්සාහ කරන බවයි.