අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි
(වෙඩික්කරුවන් පළායන අයුරු දැක්වෙන ඡායාරූපය - දෙරණ ටීවී ගෙනි)
මීට සුලු මොහෙතකට පෙර වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට සභාව තුළ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තබා ඇති බවත් එතුමාගේ රාජකාරිය ඉටු කරන විට සිදු කරන ලද මේ වෙඩි තැබීම නිසා ඔහු බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ සභාපතිවරයා යනු මහජන නියෝජිතයකු බවත්, මහජන නියෝජිතයන්ට පවා මහජන දිනය පවත්වාගෙන යන්න බැරි නම්, එය ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් බවත්, සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් විමසී ය.
