මීළඟ. ජනාධිපතිවරණයෙන් දිනන අපේක්ෂකයා ඉන්නෙ අපි ළඟ
කම්කරු ජනතාව හැමදාම පෙළපාළිවලට පාරට බස්සනවා කයියනායකලා. ඒ අය බලන්නෙ ඔවුන්ට හැමදාම වීදි සටන්වලට ඉත්තො හැටියට තියා ගන්න. එච්චරයි. තවත් කණ්ඩායමක් ඉන්නවා උස නම් සිකිරියුටි. මිටි නම් කමකරු කියල. අපි අහුවෙන්නෙ මොකකට ද දන්නෙ නෑ.
මේ මැයි රැළිය තීරණාත්මක යි. එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්සෙ මේ රට ගමන් කරන්නෙ කොයිබට ද? ඒ තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනැ. එක දෙයක් මතක තියා ගන්න. ජාතියට වැඩියෙන් ම වැරදි කරපු මේ රටේ අනාගතය නැති කරපු මිනිසුන්ගෙ බහට අහුවී ඒ අයගේ ඔඩොක්කුවට නම් යන්නෙපා.
අද ගමට ගිහින් බය නැතුව කියන්න එළඹෙන ජනාධිපතිවරණයට අපේ පක්ෂයේ ආශිර්වාදය තියන කෙනා තමයි ජයගන්නෙ. එහෙම කියන්න. බොහොම ආඩම්බරයෙන්. සමහරු බලාපොරොත්තුව මෙැනින් පේනවා කොහොම ද තමන් ගේ අපේක්ෂාව කියන කාරණාව.
සමහරු වීරයෝ වෙලා. බලන්න 88, 89 මිනිසුන් මරපු ඒවට සොරියි කියනව. තව මැඩම් කෙනෙක් ඇවිත් කවුද ජනාධිපති හැටියට පත්කරපු එක මා කළ මෝඩ වැඩක් කියලා දැන් එයා පශ්චත්තාප වෙනවා. එයින් සිද්ධ වුණේ රට ආපස්සට ඇදල දාපු එක විතරයි.
රටේ දිනන අපේක්ෂකයා ඉන්නේ අපේ ළඟ. ඒ සඳහා අත්වැල් බැඳ ගන්න. අපි ඔබට ආරාධනා කරනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එසේ සිය මතය ඉදිරිපත් කළේ ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මැයි රැළිය අමතමිනි.
බොරැල්ලේ කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුමට එක්ව හුන් ජනකාය හමුවේ තව දුරටත් කතා කළ රාජපක්ෂ මහතා පොදු පෙරමුණේ ශක්තිය පෙන්වන්න. රටට ම ඔප්පු කරන්නේ තලන පෙලන තරමට අපි ශක්තිමත් වෙන අයුරු යැ යි කීය. ඒ උදවිය බොරු කියලා මඩ ගහලා රටේ අනාගතය නැති කරන්න දෙස් විදෙස් එක්ක හවුලු වූ බව ද කීය.
ඔබ ජීවත්ව ඉන්න කාලය තුළ මේ රට ගොඩා නගා බලාපොරොත්තු වන්නේ දූ දරුවන්ට යහපත් අනාගතයක් වූවත් ඔවුන්ට එවන් හැඟීමක් නැතැ යි ද හේ සඳහන් කළේ ය.
බොරුවට අද වගේ දවසක ආදරණීය සදාදරණීය කම්කරු ජනතාවෙනි යනුවෙන් වැඩ කරන ජනතාව ඇමතන බව සඳහන් කළ හෙතෙම බලය නැති කාලයේ මෙන්යෙ ම බලය ඇති කාලයේත් සියයට සියයක් කම්කරුවන් සමඟ සුහදව කටයුතු කරමින් හුන් බව ද පැවසී ය. වැඩබිමේ මෙන් ම මහපාරේ සටන්වල දී ද තමා කම්කරු පන්තිය සමඟ හිටිය අයුරු ඔහු පැවසුවේ ය.
සමහරුන්ට කම්කරුවා මතක කම්කරු දිනයට විතරයි. මෙ රටේ මැයි දින සැමරුම් අරඹා අවුරුදු 91 ක් වෙනවා. කම්කරුවන් ගේ සුබ සාධනයට එක රැපියලක් දුන්නෙ නෑ. කම්කරුවා වෘත්තිකයන් කරන වැ පිළිවෙළක් තමා කම්කරු ඇමති හැටියට සිටිද්දී ක්‍රියාත්මක කළ බව ද කම්කරුවා වෘත්තිකයකු බවට පත් කිරීමෙන් ඉදිරියට යන්නේ ඔබ විතරක් නෙවෙයි. මේ රටත් ඉදිරියට යනවා. රටක් දියුණුවන්න සමාජ ඉතිහාසය අරන් බලන්න. රටේ හිටිය හැම කම්කරු නායකයකු එක්කම අපි හොඳින් සුහදව සාකච්ඡා කරමින් හුන් බව ද කීය.සාකච්ඡාවෙන් ප්‍රශ්න විස දීම අපේ ස්ථාවරය... මේ රටේ වැඩබිමේ ගොවිබිමේ සම්බන්ධතා වැඩියෙන් ම ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බව කී ඔහු එනිසා ම තමන් ඉලක්ක කර ප්රතිගාමීත්වය අපහාස උපහාස කරනා බව ද සඳහන් කළේ යත
දැන් බලන්න මොන දේශපාලන වේදිකාවෙත් කයිවාරුකාරයෝ පහර ගහන්නෙ අප ඉලක්ක කරලා. මේ කයිවාරු නායකයෝ දන්නවා තවමත් බලනය තියෙන්නේ අපේ ළඟ බව. 69 ලක්ෂයට අපහාස කරමින් අපේ මිනිස්සු ඔඩොක්කුවට වැටෙන කං ඔවුන් බලා සිටින්නේ යැ යි ද ඉතිහාසයේ වැඩිම වැරදි කරපු අය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නෛාහැකි හෙයින් ඔවුනට නොරැවටෙන්නැ යි ජනතාවට අනතුරු ඇඟවීමක් ද කළේ ය
අපට වඩා වැරදි දහස් ගණනක් තියෙන කුහක මිනිසුන් ළඟට නොයන්නැ යි යළි යළි මතක් කළේ ය.'' විරුද්ධවාදීන් මඩ ගැහුවාට අදත් මේ රට ගොඩ නැගීමේ ශක්තිය තියෙන්නෙ අපට යි" ඔහු කී ය.
කෝව්ඩ් වලට කලින් අප වැටුණු රටක් අපි ඒ්ක ලෝකයාට කියන්න ගියේ නෑ. රට බින්දුවට දාලා තිබුණේ කයිවාරුකාරයෝ කියවා කියවා හිටයා මිසක් පිළියම් නොසෙවූ බවත් අප කළේ පිළිම් යොදීම යි. රට වසරකට වහන්න සිද්ධ වුණා. අපට තිබුණේ විසඳුම් දෙකයි එකක් බලය රැක ගන්නවා ද නැත්නම් ජනයාගේ ජීවිත බේරා ගන්නවා ද යන්නයි. අපි තෝරා ගත්තේ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම කියන එක.
සමහරු යුද්ධය ගැන කතා කරනවා. 30 වසරක් පැවති යුද්දය රණවිරුවන් එක්ක එකතුවෙලා අවසන් කළා. ඒ්ක වැරදිදි. හිඟන්නාගේ තුවාලය වගේ තිබුණා නම්. තුන් අවුරුද්දකින් අවසන් කරලා ාජනතාවට හුස්ම ගන්න ඉඩකඩ ලබා දුන්නා. නැත්තං දවස ගානේ මියගිය ජීවිතවල තවමත් කෙළවරක් නෑ නේදැ යි හේ විමසීය.
71, 88 - 89 විරයෝ ගොඩාක් ඉන්නවා දැන්. ුතා මරලා තාත්තා අම්මාට පෙන්නපු අය ... පුච්චපු අය 16000 ක් තරුණ අය.. . ඝාතනය කළා. රාජ්‍ය දේපොළ විනාශකරපු අය. ඉතිහාසයේ ආණ්ඩුවක් කරන හොඳක් දැකලා තියෙනවා ද ඇමතිකම් ගත්තා ඔබට මතක ඇති. මොකද වුණේ කයිවාරුවලින් පෙන්නන්න බැරි වුණා. අධිවේගි හදන කොට ඇඹුල් තියල් ගේන්ය කීවා. කොළඹ පෝට් සිටි හදන්න කළුගල්වලට සීගිරිය කඩන්න වෙනවා ය කිව්වා. වරාය හදන කොට හම්බන්තොට මහ විශාල ගලක් තියෙනවා ය කියා බොරු කිව්වා. විදුලිබලාගාර හදන කොටත් මත්තල ගුවන්තොට උමාඔය හදන කොට විශාල හිලක් තියෙනවා ය කිව්වා. කට උල්කරලා කියන කොට ..උමාඔය විවෘත කරන්න ඉරාන ජනාධිපතිතුමා ආවේ මත්තලට ඇවිත්. දැන් එයින් ජල විදුලිය විතරක් නොවෙයි කෘෂිකර්මයටජලය සැපයෙනවා අක්කර දාස් ගණනක් අස්වද්දන්න හැකියි. අයෝජකයෝ එළවලා බිලියන ගණන් රටටට අහිමි කළා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කිව්වා. අද විදේශ තානාපති කර්යාලවලට රිංගලනවා.. අර්බුදය වෙලාවෙ සජිත් ට කිව්වා අගමැතිකම භාර ගන්න කියා. අනුර කිව්වා රට ගැන නෙවෙයි තම අනාගතය ගැන හිතලා බැහැයි කිව්වා. රනිල් භාර ගත්තා. අපේ සහායත් දෙනවා.
වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර, ඇමතිවරුන් ද මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණි ලොකුගේ, එස්. එම්. චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, පී. ඩී. වීරසිංහ,ජානක තිස්සකුට්ටි ආරච්චි, යන මන්ත්‍රීවරු ද  පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනිය ද කැම්බල් පිටියේ පැවති මැයි සමරු උළෙලේ දී කතා කළහ.
 
            