උණුසුම් පුවත්විදෙස්

මොංගෝලියාවෙන් මතු වූ වසර 70ක් පැරණි ඩයිනෝසර ෆොසිලය

වසර මිලියන 70 ක් පැරණි ඩයිනෝසර ෆොසිලයක් සොයා ගැනීමට ඔස්ට්‍රේලියා ශිෂ්‍යයෙක් දායක වී තිබෙනවා.

University of New England හි ආචාර්ය උපාධිය හදාරන නාදන් එන්රික්ස් මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ සති තුනක කාලයක් පරීක්ෂණවල නිරතව තිබෙනවා.

එහිදී වසර මිලියන 70 ක් පමණ පැරණි ෆොසිලයක් සොයා ගැනීමට ඔහු ඇතුළු කණ්ඩායමට හැකි වූ අතර එය නෙමටොසෝරස් විශේෂයට අයත් බව වාර්තා වනවා.

නෙමටොසෝරස් ෆොසිලයක් මීට පෙර සොයාගෙන තිබුණේ 1970 ගණන්වලදී පෝලන්ත කණ්ඩායමක් විසින්.

ඩයිනෝසර ෆොසිල විශාල වශයෙන් තැන්පත්ව තිබෙන ගෝබි කාන්තාරයේ කැණීම්වලට එක්වීමට හැකිවීම ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවක් බව නාදන් එන්රික්ස් පවසනවා.

මොවුන්ගේ කණ්ඩායම ඩයිනොසෝරයාගේ වළලුකර, කකුල, ඇඟිලිවල අස්ථි කැණීමට සමත්ව තිබෙනවා

මෙම ඇටකටු මොන්ගෝලියානු පාෂාණ විද්‍යා මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වනවා.