ඔහුගේ ඉදිරි දර්ශනය මම අගය කරනවා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දර්ශනය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් පැසසුමට ලක් කරයි.
ඒ ඔහුගේ සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමිනි.
ඉන්දියාවේ පැවත්වෙන “NXT Conclave 2025″ සමුළුවට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැතිවරයා බැහැදුටු අවස්ථාව සනිටුහන් කරමින් ය.
” NXT සමුළුවේදී මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. අපගේ අන්තර්ක්‍රියා දෙස සැමවිටම බලා සිටින අතර විවිධ ගැටලු පිළිබඳව ඔහුගේ ඉදිරි දර්ශනය මම අගය කර ඇත්තෙමි” යනුවෙන් මෝදි පවසා ඇත්තේ ය.
 
            