ආරක්ෂකඋණුසුම් පුවත්පරිසරය

යනතුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමයි

වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ  ද ආරක්ෂාව තකා ගත් පියවරක්!

පවතින අනෝරා මහා වැසි තත්ත්වය පහවෙන තෙක්  යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසාදැමීමට තීරණය කළ බව එව වනෝද්‍යානය පාලක මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කරයි.

වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ  ද ආරක්ෂාව තකා අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, යාල කලාප අංක 01 ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසා දමා ඇත.

වනෝද්‍යානයේ පිවිසුම් මාර්ගයේ නිමලව ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගංවතුරෙන් යට වී ඇත්තේ යැ යි ඔහු සඳහන් කරයි.